April 17, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

අවුරුදු 12 න් පහල කණ්ඩායමක් world cup ගැහුවා වගේ! මේක අත්දැකීම් නැති ආණ්ඩුවක්!

1 min read

හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග මහතා වසර කිහිපයකට පසු මාධ්‍ය අමතා විශේෂ ප්‍රකාශයක් සිදු කර ඇති අතර, රටේ පවතින දේශපාලන තත්වය ගැන ඔහුගේ ස්ථාවරය සහ ඉදිරියේදී සිදු කිරීමට බලාපොරොත්තු වන කාර්යයන් ගැන සඳහන් කර තිබුනා.

ඔහු පවසා තිබුනේ මෙවන් අදහසක්..

”මම හිතුව දේශපාලනයෙන් අයින් වෙලා ඉන්න ඕන කියල, එත් මේ රට යන විධිහට මට හිතෙනවා නැවත වරක් අපි එකතු වෙන්න ඕන කියලා… තවම මම ඒ තීරණය අරගන නෑ.. නමුත් ඉදිරි මාස කීපය තුල ඒ තීරණය මම ගන්නවා. මහනායක හාමුදුරුවරු, දේශපාලන නායකයන් සමඟ මම කතා කරනවා.

රටේ මිනිස්සුන්ට වෙනස් දෙයක් ඕන කියල තිබුන, ඉතින් ඒ දේ ලබලා දුන්නා.. දැන් ඒ මිනිස්සුන්ට හිතෙනවා ඇති ඒ කරපු දේ හරිද වැරදි ද කියලා…මම පැත්තකට වෙලා හිටියේ අලුතින් පත් උන අයට කාලයක් දෙන්න ඕන නිසා.. නමුත් මේ යන විදිහත් එක්ක මම නැවතත් එන්න තීරණේ කරනවා.

අපේ රටට හොඳ දේශපාලන නායකයන් අවශ්‍යයි. අපි 2015 ත් එකතු වුනේ එකට, මේ රට මෙහෙම ගියොත් අපේ දරුවන්ටවත් මේ රට ඉතුරු වෙන්නේ නෑ.

ජනප්‍රිය පුවත්  සැප්තැම්බර්වල කැබිනට් වෙනසක් !

මේ අයට කිසිම අත්දැකීමක් නෑ, ඒගොල්ලෝ කියවනවා විතරයි. මම මේවා කියල නෑ, නමුත් මම දැන් තේරුම් අරන් ඉන්නවා මේ වගේ කණ්ඩායමක් මේ ඉන්නේ කියල. මේක මේ රටේ මහජනතාව ගත තීරණයක්.. ඒ අය දුක් විඳින්නේ ඒ අය ගත්ත තීරණයක් නිසා..රටට අවශ්‍යතාවයක් තියනවනම් අපි නැවත දේශපාලනේ කරන්න ඕන කියල, අපි ඒ දේ කරනවා, නැත්නම් මම මගේ මුනුබුරු, මිනිබිරියන් එක්ක සතුටින් ඉන්නවා..”

තොරතුරු එසැණින් දැනගන්න අපගේ නිල WhatsApp සමූහය සමඟ එක්වන්න

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x