April 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

රජයේ රෝහල් පෞද්ගලික සමාගම් වෙත බදු දීමේ සැලැස්මක්!

1 min read

රටේ පවතින නිදහස් සෞඛ්‍ය සේවාව පුද්ගලීකරණය කර, සමස්ත රෝහල් පද්ධතියම පෞද්ගලික සමාගම් වෙත බදු දීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කොන්දේසි මත රජය සැලසුම් සහගතව කටයුතු කරමින් සිටින බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව පවසයි.

පවතින රජය බලයට පත්ව වසර දෙකක් ගතවී ඇතත් ජනතාව වෙනුවෙන් ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්තියක්, මානව සම්පත් කළමනාකරණය හෝ ඖෂධ ප්‍රතිපත්තියක් සකස් කිරීමට සෞඛ්‍ය අමාත්‍යවරයා අසමත් වී ඇති බව ඒ මහතා අවධාරණය කරයි.

මෙලෙස රෝහල් පද්ධතියට අවශ්‍ය පහසුකම් ලබා නොදීම සහ ඖෂධ හිඟයක් නිර්මාණය කිරීම හරහා නිදහස් සෞඛ්‍යය ක්‍රමිකව විනාශ කර, ගෙවීම් මත පදනම් වූ සෞඛ්‍ය සේවාවක් කරා මහජනතාව තල්ලු කිරීමේ “කුමන්ත්‍රණයක” ආරම්භක පියවර දැන් ක්‍රියාත්මක වෙමින් පවතින බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

රට තුළ දැනට වෛද්‍යවරුන් 2,000ත් 2,500ත් අතර ප්‍රමාණයක සහ විශේෂඥ වෛද්‍යවරුන් 1,000ක පමණ දැවැන්ත හිඟයක් පවතින බව චමල් සංජීව මහතා පෙන්වා දෙයි.

එසේ තිබියදීත්, සීමාවාසික පුහුණුව අවසන් කළ වෛද්‍යවරුන් රාජ්‍ය සේවයට බඳවා නොගන්නා බවට සෞඛ්‍ය අමාත්‍යවරයා තර්ජනය කරමින් සිටින බවත්, මෙය වෘත්තීයවේදීන් මර්දනය කිරීමේ පියවරක් බවත් ඔහු චෝදනා කරයි.

ජනප්‍රිය පුවත්  සේවකයෝ 1400ක් සිටි තුල්හිරිය MAS වසා දමයි!

විශේෂයෙන් ග්‍රාමීය රෝහල් පද්ධතිය අඩපණ වීම හේතුවෙන් සාමාන්‍ය ජනතාව දැඩි පීඩාවකට පත්ව සිටිති. අමාත්‍යවරයාගේම දිස්ත්‍රික්කය වන කළුතර දිස්ත්‍රික්කයේ පවා මූලික රෝහල්වල තත්ත්වය අතිශය කේදනීය බවත්, ඇතැම් ප්‍රාදේශීය රෝහල් දැනටමත් වැසී ගොස් ඇති බවත් මෙහිදී අනාවරණය විය.

ඖෂධ ලබා ගැනීමට සහ රසායනාගාර පරීක්ෂණ සිදු කර ගැනීමට පවා නොහැකිව අසරණ වී සිටින මහජනතාව බිල්ලට දෙමින් රජය සිය දේශපාලන අරමුණු ඉටු කර ගැනීමට උත්සාහ කරන බව වෛද්‍ය සංගමය පවසයි.

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවතින මෙම බරපතල අර්බුදය විසඳීම සඳහා සෞඛ්‍ය වෘත්තීයවේදීන් සමඟ වහාම සාකච්ඡා කරන ලෙසත්, නිදහස් සෞඛ්‍ය සේවාව ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් ජනාධිපතිවරයා කඩිනමින් මැදිහත් විය යුතු බවත් විශේෂඥ වෛද්‍ය චමල් සංජීව වැඩිදුරටත් ඉල්ලා සිටියේය.

තොරතුරු එසැණින් දැනගන්න අපගේ නිල WhatsApp සමූහය සමඟ එක්වන්න

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x