අමෙරිකාවේ නව බදුවලින් මෙරට ඇඟලුම් ක්ෂේත්‍රයට බලපෑම්
1 min read
අමෙරිකාව විසින් ශ්‍රී ලංකාවට පනවා ඇති සියයට 10ක තීරුබද්ද හේතුවෙන් වැඩි බලපෑමක් එල්ල විය හැක්කේ ඇඟලුම් ක්ෂේත්‍රයට බව නිදහස් වෙළෙඳ කලාප ආයෝජකයන්ගේ සංගමය පවසයි.
එහි සභාපති ධම්මික ප්‍රනාන්දු පවසන්නේ, ඒ අනුව, අමෙරිකාවට අපනයනය කෙරෙන ඇඟලුම් සඳහා සියයට 18 සිට 42 දක්වා තීරු බදු ගෙවීමට මෙරට අපනයනකරුවන්ට සිදුවනු ඇති බවයි.
අමෙරිකාව විසින් මෙලෙස ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 60කට නව තීරු බදු පැනවීමක් සිදුකරනු ලැබුවේ බලහත්කාර ශ්‍රමය භාවිතයෙන් නිපදවන භාණ්ඩ ආනයනය වැළැක්වීමට අපොහොසත් වී ඇති බව පවසමින්.
ඒ අනුව, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පරිපාලනය විසින් නිවේදනය කරන ලද නව වෙළෙඳ පියවරයන් යටතේ, අමෙරිකා එක්සත් ජනපදයට ඇතුළු වන ශ්‍රී ලංකා භාණ්ඩ සඳහා අද සිට සියයට 10ක තීරු බද්දක් අදාළ වන බවයි අමෙරිකානු වෙළෙඳ නියෝජිත කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.
