July 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

අපේ අනාවරණය හරි ! හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ අත්අඩංගුවට !

1 min read

මීට සති 2 කට පෙර “ලබන සතියේ කරන්නාගොඩ අත්අඩංගුවට” යන හිසින් Underground News අණාවරණය කරන ලද පරිදි, හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතා අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන තිබේ .

බඳවාගැනීමේ පටිපාටි වෙනස් කර යෝෂිත රාජපක්ෂ නාවුක හමුදාවට බඳවා ගැනීම සහ ඉන් අනතුරුව ඔහුට විදේශ රටක පුහුණු පාඨමාලාවකට යැවීම පිළිබඳ චෝදනාව මත හිටපු නාවුක හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂම මගින් අත්අඩංගුවට ගෙන ඇත.

ශ්‍රී ලංකා නාවික හමුදා ඉතිහාසයේ “පංච මහා තරු නිලය” (අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්) ගෞරව නාමය හිමිවූයේ ඔහුට ය.

වන්නි මානුෂීය මෙහෙයුමේදී කොටි සංවිධානය පරාජය කිරීම සඳහා ඔහුගේ නායකත්වයෙන් යුත් නාවික හමුදාව සුවිශේෂී කාර්යබාරයක් ඉටු කරනු ලැබුවේය.

මෙම අත්අඩංගුවට ගැනීම් සිදුවන්නේ කුමන හේතු මතද යන්න දැන ගැනීමට පහත දක්වා ඇති මීට සම්බන්ධ අපගේ පෙර ප්‍රධාන පුවත් කිහිපය කියවන්න.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x