July 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

මීගමුව බන්ධනාගාරයේ සිරකරුවෝ 40කට ඩෙංගු; දෙදෙනෙක් දැඩිසත්කාරයේ

1 min read

මීගමුව බන්ධනාගාරය තුළ නේවාසික රැඳවියන් හතළිස් දෙනකුහට ඩෙංගු රෝගය වැලඳී ඇති බව මීගමුව ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා මාධ්‍යට පවසා තිබේ.

මීගමුව හින්දු ශ්‍රවණගාරයේ ඊයේ ( 02) පැවැති මීගමුව සම්බන්ධීකරණ කමිටු රැස්වීමකදී ඔහු මේ බව පවසා ඇත.

එම රෝගීන්ගෙන් කීපදෙනකු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවද ඔහු එහිදී සඳහන් කර තිබේ.

බන්ධනාගාරය අවට කලපු තීරයේ අතහැර දමා තිබෙන බෝට්ටු කොටස්වල රඳාපවතින ජලය හේතුවෙන් සහ මීගමුව අධිකරණ සංකීර්ණය භූමියෙහි කලක් සිට නඩු භාණ්ඩ වශයෙන් තබා තිබෙන කොටස්වල ජලය රැඳීමෙන් මදුරුවන් බෝවන බවද ඔහු එහිදී පෙන්වා දී ඇත.

මේ සම්බන්ධව අධිකරණ නිලධාරීන් දැනුවත් කර ඇති නමුත් ඒ සඳහා නිසි පිළියම් යොදා නොමැති බවට ද ඔහු එහිදී චෝදනා කර තිබේ.

මීගමුව රෝහලේ දැනට ඩෙංගු රෝගීන් 100 කට වැඩි ප්‍රමාණයක් ප්‍රතිකාර ලබන අතර එහි නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි දෙදෙනකු මියගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x