අප්‍රේල් මාසයේ උද්ධමනය ඉහළට
1 min read
ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව 2026 අප්‍රේල් මාසයේ මෙරට ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය 4.7% දක්වා ඉහළ ගොස් තිබේ.
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ දත්ත අනුව 2026 මාර්තු මාසයේදී මෙම අගය 2.4%ක් ලෙස වාර්තා වී තිබුණි.
වාර්තාවට අනුව, මාර්තු මාසයේදී 0.7% ක් ලෙස පැවති ආහාර කාණ්ඩයේ ලක්ෂ්‍යමය උද්ධමනය අප්‍රේල් මාසයේදී 1.1% දක්වා ඉහළ ගොස් ඇත.
එමෙන්ම ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය මාර්තු මාසයේදී වාර්තා වූ 3.8% සිට අප්‍රේල් මාසයේදී 7.8%ක් දක්වා ඉහළ යාම ජාතික උද්ධමනය වැඩිවීමට ප්‍රධාන වශයෙන් බලපා ඇති බව ද එම වාර්තාවේ සඳහන් වේ.
