‘‘YouTube“ ඩෝබිලා පැලවත්තට කැඳවයි!
1 min read
ජ.වි.පෙ. ප්‍රධාන කාර්යාලයට (පැලවත්තට) ඊයේ (22) සවස 3.00 ජනාධිපති අනුර කුමාර පැමිණියේ ය. ඒ ආණ්ඩුවට සහාය දක්වන youtube කරුවන් සමග විශේෂ සාකච්ඡාවකට ය. නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා ද මෙයට සහභාගී වී ඇත.
මෙහිදී තම හිතවාදි youtube කරුවන් සමග ජනාධිපතිවරයා පවසා ඇත්තේ ‘‘තත්ත්වය බරපතළ වන බැවින්, වත්මන් සියලු පීඩනයට හේතුව වන්නේ මැදපෙරදිග යුද ගැටුම බවත්, මේ වෙලාවේ දූෂිත පාලනයක් පැවතියේ නම් රට මීට වඩා අර්බුදයකට මුහුණ දෙනු ඇති බවත් ය.“ එබැවින්, සියලු දෙනාම එක්ව මෙම අර්බුදකාරී තත්ත්වයට හේතුව ආණ්ඩුව නොවන බව ඒත්තු ගැන්වීම පිණිස ක්‍රියා කරන මෙන් බැගෑපත්ව ඉල්ලා තිබේ.
‘‘අප්‍රේල් මාසය තුළ එන්න නියමිත තෙල් නැව නාවොත් ලොකු පවර් කට් එකකට යන්න වෙනවා. අපි හිතන් නැති තැනකට රට පත් වේවි“ යනුවෙන් ද මෙහිදී ජනාධිපතිවරයා පවසා තිබේ.
අනතුරුව පැමිණ සිටි youtube කරුවන්ට තමන්ට ඇති ප්‍රශ්න විමසීමට ද ජනාධිපතිවරයා අවස්ථාව දී තිබේ.
එහිදී ඇතමුන් පවසා ඇත්තේ මාධ්‍යයට කතා කරන්න බරක් තියෙන අය ආණ්ඩුව තුළ නොමැති බවයි. එසේම ජනාධිපතිවරයා නිතර පාර්ලිමේන්තුවට පැමිණ කතා පැවැත්වීම නුසුදුසු බව ද මෙහිදී පවසා තිබේ. හරිනි අමරසූරිය හා බිමල් රත්නායක යන දෙදෙනා ආණ්ඩුවේ පොදු බරට කර ගසන්නේ නැති බව ද තවත් youtube කරුවකු විසින් පෙන්වා දී ඇත.
තරිඳු උඩුවරගෙදර නම් youtube කරුවා පවසා ඇත්තේ දේශපාලන අවශ්‍යතා අනුව කටයුතු කරන ලෙස අගවිනිසුරුවරයාට දන්වන මෙන්ය. ශානි අබේසේකරගෙන් ද මීට වඩා සහයෝගයක් වුවමනා බව ඔහු වැඩිදුරටත් පෙන්වා දී තිබේ.
ගල් අඟුරු වංචාවක් සිදුව නොමැති බවත්, එබැවින් අපගේ ඇමතිවරු ආරක්ෂා කරගත යුතු බවත් ජනාධිපතිවරයා youtube කරුවන් වෙතින් ඉල්ලා ඇත.
මෙම සාකච්ඡාවට සුදත්ත තිලකසිරි, channel 4, channel 19, බෘෘනෝ දිවාකර, ගුණෙ අයියාගේ කාමරේ, තරිඳු උඩුවරගෙදර, ඇඩ්වකාටා ඇතුළු විවිධ youtube කරුවන් පිරිසක් සහභාගි වී තිබේ.
මේ සමග ඵළවන්නේ මෙම රහසිගත හමුව පිළිබඳව ජනාධිපතිතුමාගේ සමීප මිතුරකු වන උවිදු කුරුකුලසූරිය තම මුහුණු පොතේ අද(23) දමා තිබෙන සටහනකිි.
අවසානයේ දී ජනාධිපතිවරයා සැමට දන්වා ඇත්තේ ‘‘විදුලිය පිරිමසන ලෙස කැම්පේන් එකක් එනවා. ඒකට බජට් වෙන් කරනවා. ඔයාලත් ලෑස්ති වෙන්න!“ යනුවෙනි.
උවිදු කුරුකුලසූරිය තම මුහුණු පොතේ මේ සම්බන්ධයෙන් ඵලකර ඇති සටහන මෙසේය.
ඊයෙ අනුර මාධ්‍ය එක්ක කරපු කතාව හොරෙන් අහගෙන ඉඳල මට වමනෙ යන්න ආව. ජීඊඊඊඊ!!! නලින්ද මාධ්‍ය ඇමතිත් එතන හිටිය. මේව මාධ්‍යයේ ගියෙ නැහැ. හැබැයි මේව පැලවත්තෙ ජවිපෙ කාර්යයාලයේ හවස තුනට පැලවත්තෙ පටන් ගත්තෙ.
මේක පැලවත්තෙ ජවිපෙ ඔපීසියේ තියෙල තියෙන්නෙ. ඒකයි පස්නෙ. ජනාධිපතියයි, මාධ්‍ය ඇමතියයි තමන්ගෙ දේශපාලන පක්‍ෂ කාර්යයාලට එන්න කියල එතනට ගියා නම්, ගිය යූටිබ් අයයි ඔක්කොම තම තමන්ගෙ නම් කියන්න. ඇයි එන්න කීවෙ, මොකටද එන්න කීවෙ කියල. ලැජ්ජයි හලෝ!
නම් ලිස්ට් එක ඕනද?

අසිත කමල් වීරසිරි
තොරතුරු එසැණින් දැනගන්න අපගේ නිල WhatsApp සමූහය සමඟ එක්වන්න
