November 5, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

JVP පසන් අමරසේනට අධිකරණ සේවා සංගමයෙන් උත්තර මෙන්න !

1 min read

පසුගිය දා ඉමහත් බාධාකිරීම් මැද පැවැති ශ්‍රී ලංකා අධිකරණ සේවා සංගමයේ මහා සභා රැස්වීම අභියෝගයට ලක් කරමින්, එහි හිටපු සභාපති, JVP හිපාටුවකු වන පසන් අමරසේන තම ඉල්ලා අස්වීම සාධාරණීකරණය කරමින් ප්‍රකාශයට පත් කරන ලද ලිපියේ සඳහන් අන්තර්ගතයට, ශ්‍රී ලංකා අධිකරණ සේවා සංගමයේ වර්තමාන සභාපති චාමර වික්‍රමනායක හා ලේකම් සුරංග මුණසිංහ නිවේදනයක් නිකුත්කරමින් පිළිතුරු ලබා දී තිබේ. අගවිනිසුරු, දේවගැති සූරසේනගේ භිෂණය මැද වුවද, ශ්‍රී ලංකා අධිකරණ සේවා සංගමය පෙන්වනු ලබන නිර්භීතබව අගය කරමින් එම නිවේදනය අප මෙසේ පළ කර සිටිමු.

ශ්‍රී ලංකා අධිකරණ සේවා සංගමයේ ඉතිහාසය තුළ කිසිදු අවස්ථාවකවත් මෙවැනි අභ්‍යන්තර අර්බුද හෝ ගැටුම් ඇතිවීමක් සිදුව නැත. මීට පෙර විවිද ආණ්ඩු යටතේ මෙරට අධිකරණයේ ස්වාධීන පැවැත්ම පිළිබඳ අභියෝග මතු වූ සෑම අවස්ථාවකදීම, ශ්‍රී ලංකා අධිකරණ සේවා සංගමය සිය අව්‍යාජ හා නිර්භීත අදහස මත පිහිටා කටයුතු කර තිබේ.

එසේ තිබියදී, ජ.වි.පෙ. අන්තේවාසිකයකු හා නිර්ලජ්ජිත රූකඩයකු වන කොළඹ කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් පසන් අමරසේන දේවගැති අගවිනිසුරු මානසික රෝගී සූරසේනගේ හා ජනාධිපති අනුර කුමාරගේ බලපෑම මත එම සංගමය භේද බින්න කිරීමේ අරමුණින් යුතුව අදාළ ඉල්ලා අස්වීම හා ලිපිය සිදු කර තිබිණි. මෙවැනි පක්ෂග්‍රාහී හා ආන්තිකවාදී මත දරණ පුද්ගලයන් අධිකරණ විනිසුරුවන් ලෙස කටයුතු කිරීමෙන්, මෙරට අධිකරණයේ ස්වාධීනත්වය බරපතල ලෙස සැකයට භාජනය වී තිබේ.

ජනප්‍රිය පුවත්  ජ.වි.පෙ. "සමරුව"ට කඩා පනින්න ගියේ කවුද ? | කවුරුත් නොදන්න ඇත්ත මෙන්න

දේවගැති, අගවිනිසුරු සූරසේන අදහන “බෝර්න් අගේන්” ආගමික නිකායේ මෙරට ක්‍රියාත්මක ප්‍රධාන අනාගතවක්තෘවරයකු ලෙස තමන්ව හඳුන්වාගන්නා ජෙරම් ප්‍රනාන්දු පසුගිය දා සිය ආගමික විශ්වාසය දරන්නන් අමතා ප්‍රසිද්දියේ ප්‍රකාශ කර තිබුණේ “වර්තමාන ජනාධිපතිවරයා පත් නොවුනේනම් ලංකාව මීට වඩා නරක තත්ත්වයකට පත්වනු ඇති” බවය. එමෙන්ම, ජනාධිපතිවරයා “හොඳින් බැට් කරනවා” යැයි කියමින් ජනාධිපතිවරයාගේ භාවිතය ඔහු ඉහළින්ම අගය කර තිබේ.

සමාජ, ආර්ථික හෝ දේශපාලන අර්බුද පවතින වකවානුවලදී බෝර්න් අගේන් හෝ පෙන්තකොස්ත වැනි ආගමික ක්‍රියාකාරකම් ඉහල යාම ලෝකයේ මෙන්ම ශ්‍රී ලංකාවේ ද කැපී පෙනෙන ලක්ෂණයක් වී තිබේ. දැඩි ආර්ථික හෝ පෞද්ගලික අර්බුද හමුවේ මිනිසුන් දැඩි මානසික බිඳවැටීම් වලට ලක්වන විට, ක්ෂණික ආශ්චර්යයන්, සුව කිරීම් සහ දේව පිහිට පිළිබඳව කෙරෙන දේ දේශනා වෙත ජනතාව පහසුවෙන් ආකර්ෂණය වේ. එමෙන්ම, අර්බුදකාරී කාල වලදී දිළිඳු සහ පීඩිත ජනතාවට, ආහාර, මුදල් හෝ වෙනත් ද්‍රව්‍යමය ආධාර සැපයීම හරහා ඔවුන්ව මෙම ආගමික මතවාදයන් වෙත නැඹුරුකරවා ගැනීමේ ප්‍රවණතාවයක් පවතී.

සමාජය ආකූල වී පවතින විට, ජනප්‍රිය කලාකරුවන්, ක්‍රීඩකයන් හෝ දේශපාලනඥයන් මෙම නිකායන් වැළඳගැනීම හරහා සාමාන්‍ය ජනතාව ද ඒ වෙත පොළඹවා ගැනීමට මෙම ආගමික නිකායන්හි ප්‍රධානින් උත්සහ කරති. ක්‍රීඩා පරිපාලන ආයතන හෝ වෙනත් ඉහළ රාජ්‍ය මට්ටම්වල රහසිගතව සම්බන්ධවෙමින්, අර්බුදකාරී තත්ත්වයන් තමන්ගේ වාසියට හරවා ගනිමින් තණතුරු ලබාදීමේ දී පවා ආගමික පදනම සලකා බලන බවට මෙම නිකායන් වෙත ගෝලීය මට්ටමින් ද චෝදනා එල්ල වී තිබේ.

ජනප්‍රිය පුවත්  බලශක්ති අර්බුදයක්!

“බෝර්න් අගේන්” ආගමික නිකායට, ඇමරිකා එක්සත් ජනපදය වැනි බටහිර රටවල මූල්‍ය ආධාර ද ලැබෙන බව අණාවරණය වී තිබේ. රටක අර්බුද පවතින විට සාම්ප්‍රදායික ආගමික ව්‍යුහයන් දුර්වල කරමින් නව මතවාද පැතිරවීමට මෙමගින් ඉඩ සැලසේ.

පොදු සමාජ අර්බුද මධ්‍යයේ සාම්ප්‍රදායික ආගමික නායකයන් ජනතාවගේ ප්‍රායෝගික ප්‍රශ්නවලට විශේෂ මැදිහත්වීමක් නොකරන බවට වන මතය කුළුගන්වා, ඒවාට වඩාත් සමීප සහ සක්‍රිය ලෙස පෙනී සිටින “බෝර්න් අගේන්” වැනි “කල්ට්” (Cult) ව්‍යුහයන් වෙත මිනිසුන් යොමු කිරීම පහසු වේ.

අර්බුදය, අර්බුදය වර්ධනය වීම යනු, “බෝර්න් අගේන්” වැනි ආගමික ව්‍යාපාරවල වර්ධනයට අවශ්‍ය සමාජයීය සහ මනෝවිද්‍යාත්මක පරිසරය සපයන ප්‍රධාන සාධකයක් වී තිබේ.

අගවිනිසුරු, දේවගැති ප්‍රීති පද්මන් සූරසේන ද මෙම මෙහෙයුමේ ප්‍රධාන දේශීය ඒජන්තයෙකි. එබැවින්, කෙසේ හෝ ඔහුගේ විශ්‍රාම යාමේ වයස දිගු කිරීමට ජනාධිපති අනුර කුමාර තීරණය කර ඇති අතර, ජෙරම් ප්‍රනාන්දුගේ ආශිර්වාදය ද ඔහුට හිමි වී ඇත්තේ ඒ අනුව ය.

  • රවින්ද්‍ර කල්පගේ
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x