June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ICTA නිසා කෝටි 200කට වැඩි පාඩුවක්!

1 min read

ICTA ආයතනය මගින් පවත්වාගෙන යනු ලබන Lanka Government Cloud (LGC හෙවත් ලංකා රාජ්‍ය මේඝය) සතියකට වැඩි කාලයක් තිස්සේ බිඳවැටී ඇති නිසා රජයට රුපියල් කෝටි 200කට අධික පාඩුවක් සිදුව ඇතැයි වාර්තා වේ.

මෙම පද්ධතිය බිඳවැටීමට ලක්වූයේ පසුගිය 10 වැනිදා ය. ඉන් ප්‍රධාන පෙළේ රාජ්‍ය ආයතන 8කට දැඩි බලපෑමක් සහ තවත් රාජ්‍ය ආයතන 30කට අධික සංඛ්‍යාවකට විවිධාකාරයේ බලපෑම් එල්ල වී තිබේ.

පසුගිය කාලය පුරාම විටින් විට කිහිප වතාවක්ම මෙම පද්ධතිය බිඳවැටීමට ලක් වී ඇත. මේ වන විට, මෙම පද්ධතිය බිඳ වැටීම හේතු කොටගෙන උප්පැන්න, විවාහ, මරණ සහතික නිකුත් කිරීම, පොලිස් නිශ්කාෂන වාර්තා නිකුත් කිරීම, වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම සහ විශ්‍රාම වැටුප් සේවා ලබා දීම ඇතුළු සේවාවන් රැසක් අක්‍රිය වීම මත එකී සේවාවන් ලබා ගන්නා ජනතාව ඉමහත් පීඩාවකට ලක් වී සිටී. ඒ පිළිබඳව සිය කණගාටුව ඵල කරමින් ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් පොලිස්පතිවරයා වෙත ලිපියක් ද යොමුකර තිබේ. ICTA ආයතනය අයත් වන්නේ ”ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය” ට ය. එහි විෂය බාර අමාත්‍යවරයා වන්නේ ජනාධිපති අනුර කුමාරය.

ජනප්‍රිය පුවත්  අයහපත් කාලගුණය නිසා මියගිය ගණන 56 දක්වා ඉහළට

ආණ්ඩුවේ ඩිජිටල් ආර්ථිකය බාර කෙරුමක්කාරයන් (හාන්ස් ඇතුළුව) සිටින්නේ ICTA ආයතනය තුළය. ඔවුන් ලබා ගෙන තිබෙන ප්‍රධාන ජයග්‍රහණය නම් තම අසාර්ථකභාවය කොතෙක් පෙන්වූවද ඒවා නොපෙනෙන මට්ටමේ ඩිජිටල් ඇස්බැන්දුමකින් ජනාධිපතිවරයාගේ දෙනෙත් අන්ධ කර තිබීම ය. හැඳුනුම්පත් දෙපාර්තමේන්තුවෙන් 90%කට වඩා තම කාර්යය සම්පූර්ණ කර තිබෙන ඩිජිටල් හැඳුනුම්පත පිළිබඳ කටයුත්ත, ඉන්දියාවට ගෙඩිය පිටින් ලබා දී දැවැන්ත දූෂිත ගනුදෙනුවක් සිදු කිරීම අරඹා ඇත්තේ ද මෙම ICTA ආයතනයයි.

නාරද දිනකර Underground වාර්තාකරු

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x