BOI නව අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස ආචාර්ය සුලක්ෂණ ජයවර්ධන පත් කරයි
1 min read
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ (BOI) නව අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස ආචාර්ය ජේ.ජී.එල්. සුලක්ෂණ ජයවර්ධන මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පත් කර තිබේ.
අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් අද (01) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජයවර්ධන මහතා වෙත ලබාදෙන ලදී.
ආචාර්ය සුලක්ෂණ ජයවර්ධන මහතා මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් (ආයතනික කටයුතු) ලෙස ද දැනට කටයුතු කරනු ලබයි.
