May 10, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ශ්‍රී ලංකා ආර්ථිකය දරුණු පසුබෑමක – ඇමරිකාවේ ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය ස්ටීව් හැන්කේ මහතා පෙන්වා දෙයි.

1 min read

2019 වසරේ ආරම්භ වූ විදේශ විනිමය අර්බුදයත් සමඟ ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය ඉන්දියාවට සාපේක්ෂව දරුණු ලෙස ඇද වැටී ඇති බව ඇමරිකාවේ ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය ස්ටීව් හැන්කේ මහතා පෙන්වා දෙයි.

2019 වසරේ මුල් භාගය වන තෙක් ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය ඉන්දියාව හා සමාන මට්ටමක පැවති බව මහාචාර්යවරයා පවසයි. එහෙත් 2019 වසරේ ඇති වූ මුදල් අර්බුදය සහ ඉන් අනතුරුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) මැදිහත්වීමෙන් පසු ශ්‍රී ලංකා ආර්ථිකය මෙතෙක් යථා තත්ත්වයට පත්වී නොමැති බව ඔහු සඳහන් කරයි.

2008 සිට 2025 දක්වා කාලය තුළ ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතයේ වෙනස්වීම් පදනම් කර ගනිමින් මෙම දත්ත ඉදිරිපත් කර ඇත. 2008 වසරේදී දර්ශකයක් ලෙස 100 මට්ටමේ සමානව තිබූ රටවල් දෙකෙහි වර්ධනය, 2025 වන විට ඉන්දියාව 232.36 දක්වා ඉහළ ගොස් ඇති අතර ශ්‍රී ලංකාව පවතින්නේ 158.10 වැනි පහළ මට්ටමක බව ඔහු පෙන්වා දෙයි.

බටහිර මාධ්‍ය වාර්තා කරන කරුණුවලට පටහැනිව, ශ්‍රී ලංකාවේ ආර්ථිකය තවමත් පවතින්නේ බරපතල පසුබෑමක බව මහාචාර්ය හැන්කේ වැඩිදුරටත් අවධාරණය කරයි.

ජනප්‍රිය පුවත්  88-89 රටේ දියුණුම මානව සම්පත මරා දැම්මා! දැන් සභාපතිකමක් දෙන්න එකෙක් නෑ!

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x