May 10, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

මෙරට ණය බර රුපියල් ට්‍රිලියන 1.1කින් (බිලියන 1100කින්) ඉහළ ට

1 min read

රුපියල අවප්‍රමාණය වීම හේතුවෙන් මෙරට ණය බර රුපියල් ට්‍රිලියන 1.1කින් (බිලියන 1100කින්) ඉහළ ගොස් ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතා පවසයි.

මාධ්‍ය හමුවකට එක්වෙමින් කරුණානායක මහතා පෙන්වා දුන්නේ, රුපියල ආරක්ෂා කරන බවටත්, සංචිත සම්බන්ධයෙන් ප්‍රශ්නයක් ඇති නොවන බවටත් රජය වෙනුවෙන් මහ බැංකු අධිපතිවරයා එදා ප්‍රකාශ කළ ද, වර්තමානය වන විට එම තත්ත්වය මුළුමනින්ම වෙනස් වී ඇති බවයි.

රුපියලේ අගය 322 දක්වා පහත වැටීම හේතුවෙන් ජනතාව මත පැටවෙන බර අතිවිශාල බව මන්ත්‍රීවරයා අවධාරණය කළේය.

රුපියල එකකින් අවප්‍රමාණය වන සෑම අවස්ථාවකම අයවැයට රුපියල් බිලියන 40ක අතිරේක බරක් එකතු වන බවත්, සමස්තයක් ලෙස රුපියල් බිලියන 1100ක අමතර ණය බරක් මෙයින් නිර්මාණය වී ඇති බවත් ඔහු සඳහන් කළේය.

සංචිත පහත වැටීම විදේශ සංචිත සම්බන්ධයෙන් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා, මීට පෙර 7.2ක් හෝ 7.8ක් ලෙස පැවති සංචිත ප්‍රමාණය මේ වන විට 6.8ක් දක්වා පහත වැටී ඇති බවත්, එදා මහ බැංකුව පැවසූ ආකාරයට රුපියලට හෝ සංචිතවලට ප්‍රශ්නයක් නැතැයි යන ප්‍රකාශය අදට වලංගු දැයි තමන් ප්‍රශ්න කරන බවත් පැවසීය.

ජනප්‍රිය පුවත්  "තවත් කුඩා ප්‍රමාණයකින් ඉන්ධන මිල ඉහළ දාන්න සිදුවෙයි.." - ජනපති

ණය ගෙවීමට ඇති හොඳම උපක්‍රමය ආයෝජන දිරිමත් කිරීම වුවද, ආණ්ඩුව ඒ සම්බන්ධයෙන් නිසි උනන්දුවක් නොදක්වන බව කරුණානායක මහතාගේ චෝදනාවයි.

මැද පෙරදිග පවතින අර්බුදකාරී තත්ත්වය හමුවේ ඩුබායි වැනි රටවලින් ඇමරිකානු ඩොලර් බිලියන 150ක පමණ ප්‍රමාණයක් සිංගප්පූරුව වෙත ඇදී ගොස් ඇති බවත්, ලංකාවට පැවති භූගෝලීය පිහිටීම අනුව එම අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීමට තිබූ හැකියාව මඟහැරී ගොස් ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය.

දේශපාලනය නොව සැබෑ තත්ත්වය තමන් මේ කරුණු අනාවරණය කරන්නේ දේශපාලන වාසි ලබා ගැනීමට නොව රටේ පවතින සැබෑ තත්ත්වය වාර්තා කිරීමට බවත්, මහ බැංකු අධිපතිවරයා මීට පෙර දුන් පිළිතුරු සත්‍ය දැයි ජනතාවට දැන් අවබෝධ වෙමින් පවතින බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේය.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x