ඉරානය සහ අමෙරිකාව අතර තීරණාත්මක සාකච්ඡා අප්‍රේල් 10වැනිදා සිට
1 min read
ඉරානයේ උත්තරීතර ආරක්ෂක කවුන්සිලය විසින් පාකිස්තානය හරහා අමෙරිකාවට කරුණු 10කින් යුත් යෝජනාවක් ඉදිරිපත් කර ඇති බව එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි.
ඒ අනුව, ඉරානය සහ එක්සත් ජනපදය අතර ද්විපාර්ශ්වික සාකච්ඡා අප්‍රේල් 10 වන දින සිට පාකිස්තානයේ ඉස්ලාමාබාද් නගරයේදී පැවැත්වීමට නියමිතය.
සටන් විරාමයට ඉරානයෙන් දුන් දස වැදෑරුම් සැලැස්ම
- ඉරාකය, ලෙබනනය සහ යේමනයට එරෙහි යුද්ධය සම්පූර්ණයෙන් නැවැත්වීම.
- කාල සීමාවක් නොමැතිව ඉරානයට එරෙහි යුද්ධය සම්පූර්ණයෙන් සහ ස්ථිරව නැවැත්වීම.
- කලාපයේ සියලුම ගැටුම් සම්පූර්ණයෙන්ම අවසන් කිරීම.
- හෝමූස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීම.
- හෝමූස් සමුද්‍ර සන්ධියේ නාවික කටයුතුවල නිදහස සහ ආරක්ෂාව සහතික කිරීම සඳහා නිල විධිමත් ක්‍රියාවලියක් සහ කොන්දේසි ස්ථාපිත කිරීම.
- ඉරානය ප්‍රතිසංස්කරණය සඳහා යන වියදම් පියවා ගැනීමට වන්දි ගෙවීම.
- ඉරානයට පනවා ඇති සම්බාධක සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට පූර්ණ කැපවීම.
- එක්සත් ජනපදය රඳවාගෙන ඇති ඉරාන අරමුදල් සහ වත්කම් නිදහස් කිරීම.
- කිසිදු න්‍යෂ්ටික අවියක් සන්තකයේ තබා නොගැනීමට ඉරානයේ සම්පූර්ණ සහතික වීම.
- මෙම කොන්දේසි අනුමත වූ වහාම සටන් විරාමය ක්‍රියාත්මක වේ.
තොරතුරු එසැණින් දැනගන්න අපගේ නිල WhatsApp සමූහය සමඟ එක්වන්න
