අනීතික ඉල්ලීම්වලට යටත් නොවූ මතුගම විදුහල්පතිනියට ජවිපෙන් දඬුවම් මාරුවක්?
1 min read
මතුගම සී.ඩබ්.ඩබ්. කන්නන්ගර විද්‍යාලයේ විදුහල්පතිනියට වහාම ක්‍රියාත්මක වන පරිදි ඉසුරුපාය වෙත ස්ථාන මාරුවක් ලබා දී තිබෙනවා.
ආරංචි මාර්ග සඳහන් කරන්නේ, අමාත්‍ය නලින්ද ජයතිස්ස සහ අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි විසින් පාසලට දරුවන් ඇතුළත් කරගැනීමට කළ බලපෑම්වලට යටත් නොවීම මෙයට හේතුව වී ඇති බවයි.
1988 ඇය 12 වන විය පසුවෙද්දී, දහම් පාසල් ඇඳුමින් සැරසී සිටියදීම ඇයගේ පියා ඇයගේ ඇස් ඉදිරිපිටදීම වෙඩි පහරට ලක්ව මිය ගොස් තිබෙනවා.
ඒ 1988 මාර්තු 27 වන ඉරිදා උදේ 7.10 ට ය. එතැන් සිට පිය රැකවරණය අහිමි වූ ඇය උත්සාහයෙන් ඉගෙන ගෙන, ඉමහත් කැපවීමෙන් විද්‍යාලය ඉහළ තලයකට ඔසවා තැබීමට කටයුතු කළ තැනැත්තියක්.
කිසිදු සාධාරණ හේතුවක් නොදන්වා සිදුකළ මෙම හදිසි මාරුව හේතුවෙන් විද්‍යාලයේ පරිපාලන කටයුතු ද මේ වන විට අඩාල වී ඇති බව වාර්තා වනවා.
තොරතුරු එසැණින් දැනගන්න අපගේ නිල WhatsApp සමූහය සමඟ එක්වන්න
