බැංකු පද්ධතිය අනතුරේ! NDB ලාභාංශ බෙදීම නවතයි!
1 min read
NDB බැංකවේ සිදුව ඇති දැවැන්ත හොරකම හේතුකොටගෙන, එම බැංකුවේ ලාභාංශ බෙදා හැරීම ද නවතා ඇත. අදාළ හොරකමේ අගය ශ්‍රී ලංකා රුපියල් බිලියන 13කට වඩා වැඩි බව බැංකුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි. මෙම මුදල් එම බැංකුවේ පාරිභෝගිකයන්ගේ මුදල් ය.
මෙම තත්වය මත NDB බැංකුව මෙන්ම සෙසු සියලු බැංකු කෙරෙහි බලවත් අවිශ්වාසයක් මහජනතාව තුළ වර්ධනය වෙමින් තිබේ. ඇතැම් ගනුදෙනුකරුවන් තම තැන්පතු ඉවත් කර ගැනීමට ද මේ වන විට පියවර ගෙන ඇත.
නව මහ බැංකු පනත අනුව, මෙවැනි අවස්ථාවකදී බැංකුවේ පැවැත්ම ආරක්ෂා කර දීම සඳහා ඇපදීමේ (Bailout) අවස්ථාවද අහිමි කර තිබේ.
මේ අන්දමේ දැවැන්ත සොරකමක් මෙරට බැංකුවක් තුළ සිදු වී ඇති පළමු අවස්ථාව මෙය වේ.
මේ සමඟ, NDB බැංකුවේ කළමනාකාරීත්වය කොටස් වෙළඳ පොළ වෙත මේ පිළිබඳව කරනු ලබන ලිඛිත දැනුම්දීම පළකර තිබේ.

සවිත්රා කල්දේරා
තොරතුරු එසැණින් දැනගන්න අපගේ නිල WhatsApp සමූහය සමඟ එක්වන්න
