April 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

බාල ගල් අගුරුවල රසදිය සීමාව දෙගුණයක්! ITI වාර්තාව එලියට!

1 min read

නොරොච්චෝල ගල්අඟුරු බලාගාරය මඟින් වාර්ෂිකව රසදිය (Mercury) කිලෝග්‍රෑම් 600ත් 650ත් අතර ප්‍රමාණයක් පරිසරයට මුදාහරින බවත්, එමඟින් මෙරට සාගර කලාපය සහ වායුගෝලය දැඩි ලෙස දූෂණය වෙමින් පවතින බවත් ප්‍රමුඛ පෙළේ පාරිසරික විශේෂඥයෙකු වන ආචාර්ය විදුර රලපනාව මහතා පෙන්වා දෙයි.


සිය සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ විශේෂ සටහනක් තබමින් ඔහු අවධාරණය කරන්නේ, කාර්මික හා තාක්ෂණික ආයතනය (ITI) මඟින් සිදුකළ පරීක්ෂණ වාර්තා අනුව බලාගාරයට ගෙන එන ගල්අඟුරු කිලෝග්‍රෑමයක රසදිය මිලිග්‍රෑම් 0.27ක් අඩංගු වන බවයි.

බලාගාරය වාර්ෂිකව ගල්අඟුරු ටොන් මිලියන 2.2ක් – 2.4ක් අතර ප්‍රමාණයක් දහනය කරන අතර, ඉන් නිකුත් වන රසදිය ප්‍රමාණය කිසිදු පිරිපහදුවකින් තොරව පරිසරයට එක්වන බව හෙළිවී තිබේ.

ආචාර්ය රලපනාව මහතා පවසන පරිදි, බලාගාරයේ ස්ථාපිත කර ඇති අළු එකතු කරන පෙරහන් (ESP) මඟින් රසදිය පාලනය කළ නොහැක්කේ දහනයේදී රසදිය වාෂ්ප තත්ත්වයේ පවතින බැවිනි. අනෙක් පසින්, සල්ෆර් වායූන් පාලනය කිරීමට යොදා ගන්නා FGD ඒකකය මඟින් මුහුදු ජලය ඉසින අතර, එහිදී එම වාෂ්ප මුහුදු ජලය සමඟ ප්‍රතික්‍රියා කර අතිශය විෂ සහිත ‘මෙතිල්-මර්කරි’ (Methylmercury) බවට පත්වේ. මෙම අපවිත්‍ර ජලය කිසිදු පිරිපහදු කිරීමකින් තොරව යළි සෘජුවම සාගරයට මුදාහරිනු ලබයි.

ජනප්‍රිය පුවත්  ලක්මාලි…. චී……චී…..චී..!

මීට අමතරව, සාගරයට එක් නොවන ඉතිරි රසදිය ප්‍රමාණය බලාගාර දුම් කවුළු හරහා වායුගෝලයට මුදාහැරෙන අතර, ඒවා වර්ෂාව සමඟ යළි පොළොවට පතිත වේ.

මෙම රසදිය දූෂණය හේතුවෙන් මතුවන සෞඛ්‍ය අවදානම සුළුපටු නොවන බව ආචාර්යවරයා පෙන්වා දෙයි.

මෙතිල්-මර්කරි යනු ප්‍රබල ස්නායු විෂකි. මෙය විශේෂයෙන්ම කුඩා දරුවන්ගේ සහ ළදරුවන්ගේ මොළයේ වර්ධනයට අහිතකර ලෙස බලපායි.

ගැබිනි මව්වරුන් හරහා කළලයේ වර්ධනය අඩාල වීම, විකෘතිතා සහිත දරු උපත් සහ ගබ්සා වීම් දක්වා මෙය බලපෑ හැකිය.

මුහුදු ප්ලවාංග හරහා මසුන්ගේ ශරීරයට ඇතුළු වන රසදිය, ආහාර දාමය ඔස්සේ මෝරුන් වැනි විශාල මසුන් සහ අවසානයේ මිනිසාගේ ශරීර තුළ ඉතා ඉහළ සාන්ද්‍රණයකින් තැන්පත් වේ.

කල්පිටිය ප්‍රදේශයේ තරුණියන්ගේ කෙස් සාම්පල පරීක්ෂා කිරීමේදී ඔවුන්ගේ ශරීර තුළ ඉහළ රසදිය සාන්ද්‍රණයක් පවතින බව මීට පෙර IPEN සහ පරිසර යුක්ති කේන්ද්‍රය කළ අධ්‍යයන මඟින් තහවුරු වී තිබීම මෙම තත්ත්වයේ බරපතලකම මැනවින් කියාපාන්නකි.

මෙම විනාශකාරී තත්ත්වය වළක්වා ගැනීමට තාක්ෂණික විසඳුම් පවතින බවත්, Bag Filters සහ සක්‍රිය කාබන් යොදා ගනිමින් රසදිය පෙරීමට කටයුතු කළ යුතු බවත් ඔහු යෝජනා කරයි.

ජනප්‍රිය පුවත්  බාල ගල් අඟුරු පාඩුව මිලියන 2153යි! දඩය මිලියන 392යි!

තොරතුරු එසැණින් දැනගන්න අපගේ නිල WhatsApp සමූහය සමඟ එක්වන්න

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x