ඉරානයට එරෙහිව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ගෙනා යෝජනාව රුසියාව, චීනය සහ ප්‍රංශය එක්ව නිෂේධ බලය යොදා ව්‍යාර්ථ කරයි!
1 min read
ඉරානයට එරෙහිව යුද බලය භාවිතා කරමින් හෝර්මුස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීම සඳහා අරාබි රටවල සහාය ඇතිව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට ඉදිරිපත් වූ යෝජනාව රුසියාව, චීනය සහ ප්‍රංශය විසින් නිෂේධ බලය භාවිතා කර ව්‍යර්ථ කර ඇති බව නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.
ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජිකයින් වන රුසියාව, චීනය සහ ප්‍රංශය, ඉරානයට එරෙහිව “ඕනෑම අවශ්‍ය පියවරක්” ගැනීමට ඉඩ සලසන යුදමය වගන්තිවලට සිය විරෝධය පළ කර ඇත.
බහරේනය විසින් ගල්ෆ් කලාපයේ අනෙකුත් රටවල සහාය ඇතිව මෙම යෝජනාව කෙටුම්පත් කර තිබුණේ යුද්ධය හේතුවෙන් ඇණහිට ඇති සමුද්‍ර සන්ධියේ නාවික ගමනාගමනය යළි ආරම්භ කිරීමේ අරමුණිනි.
මෙම යෝජනාව සම්බන්ධයෙන් සිකුරාදා (අද) ඡන්ද විමසීමක් පැවැත්වීමට නියමිතව තිබුණද, බලය භාවිතා කිරීම සම්බන්ධයෙන් සාමාජිකයින් අතර තවමත් දැඩි මතභේද පවතී.
තොරතුරු එසැණින් දැනගන්න අපගේ නිල WhatsApp සමූහය සමඟ එක්වන්න
