April 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

Update- බලශක්ති ඇමැති ඉල්ලා අස්වේ!

1 min read

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි එම තනතුරෙන් ඉවත් කළ යුතු බවට පසුගිය දා රැස් වූ ජ.වි.පෙ. දේශපාලන මණ්ඩලයේ දී බිමල් රත්නායක ඇමතිවරයා ඇතුළු දේශපාලන මණ්ඩල සභිකයන් කිහිප දෙනෙකු කරුණු දක්වා තිබේ. එහෙත් ජනාධිපති අනුර කුමාර එම මතය පිලිගෙන නැත. එහිදී දේශපාලන මණ්ඩල සභික ලාල් කාන්ත අමාත්‍යවරයා, බිමල් රත්නායකගේ මතයට එරෙහිව කරුණු දක්වා ඇත. එම දේශපාලන මණ්ඩල රැස්වීම පවත්වා ඇත්තේ, අමාත්‍ය බිමල් රත්නායක විදේශගත වීමට පෙරය. (මේ පිළිබඳව අප පළකරන ලද පෙර ප්‍රවෘත්තිය පරිශීලනය කරන්න)

කෙසේ වෙතත්, නිශ්චිත තීරණයකින් තොරව නිමා වූ එම දේශපාලන මණ්ඩල රැස්වීමෙන් පසුව, කුමාර ජයකොඩි තවදුරටත් ඇමැති ධුරයේ රැඳී සිටීම පක්ෂයට හා ආණ්ඩුවට හානිකරය යන මතය දැරූ දේශපාලන මණ්ඩල සාමාජිකයන්, ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා හමුවේ පවසා ඇත්තේ, ජනාධිපති සමග මෙය සාකච්ඡා කිරීම ඵල රහිත ක්‍රියාවක් වන බැවින්, කුමාර ජයකොඩි කැඳවා ඔහු සමග මේ පිළිබඳව සාකච්ඡා කළ යුතු බව ය. එම මතය පිළිගෙන ඇති ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පක්ෂයට සහාය ලබා දෙන නීතිඥ පිරිසක් ද සහිතව එම සාකච්ඡාව පැවැත්වීමට එකඟ වී ඇත.

ජනප්‍රිය පුවත්  පොලිස්පති පැලවත්තේ රූකඩයක්!

අදාළ සාකච්ඡාව පැවැතියේ අද පෙරවරුවේදී ය. එයට නීතිඥවරුන් තිදෙනෙකු ඇතුළු දේශපාලන මණ්ඩල සභිකයන් තිදෙනකු සහභාගි වී තිබේ. මෙහිදී ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ප්‍රකාශ කර ඇත්තේ, ඉදිරියේ දී ඇති වන අවධානම පිළිබඳවය.

එනම්, විදුලිය කප්පාදුව සිදුකිරීමත් සමඟ මහජනතාව තුළ බාල ගල් අඟුරු පිළිබඳ චෝදනාව උඩට එනු ඇති බවත් එවිට ඇතිවන ජනතා කෝපය එල්ලවන්නේ ආණ්ඩුවට වුවත්, එය පුද්ගලිකව කුමාර ජයකොඩි වෙත එල්ල වන කෝපයක් වීම වැළකිය නොහැකි වනු ඇති බවත් ය. මෙහිදී, ගෝඨාභයට එරෙහි සටන පැවති අරගල සමයේ අමාත්‍යවරුන්ගේ ගෙවල් ගිනි තැබූ පරිදි මෙවර ද ජනතා කැරැල්ලක් ඇතිවිය හැකි බවත්, එහිදී ජයකොඩි විශේෂයෙන් ඉලක්ක විය හැකි බවත් අවධාරණය කර ඇත.

මෙම මතය මීට සහභාගි වූ නීතිීඥයන් ද අනුමත කර වැඩිදුර කරුණු දැක්වීමක් සිදු කර තිබේ.

මෙහිදී ජනාධිපතිවරයා අසීරුතාවයට පත්ව ඇති බව ද පෙන්වා දී තිබේ. තමාගේ කුළුපඟ මිතුරෙකු අමාත්‍ය ධූරයෙන් ඉවත් කිරීමට හෝ ඉවත්වන ලෙස ඉල්ලා සිටීමට හෝ ජනාධිපතිවරයා කටයුතු නොකිරීම සාධාරණ බවද පෙන්වා දී ඇත. එබැවින් කළ යුත්තේ, ජනාධිපතිවරය අසීරුතාවයට පත් නොකර තම අමාත්‍ය තනතුරෙන් කුමාර ජයකොඩි ඉල්ලා අස්වීම බවද මෙහිදී ඒත්තු ගන්වා තිබේ.

ජනප්‍රිය පුවත්  කරන්නාගොඩ දඩයමට සියල්ල සූදානම්!

දීර්ඝ කරුණු සාකච්ඡා කිරීමකින් පසු අමාත්‍ය තනතුරින් ඉල්ලා අස්වීමට කුමාර ජයකොඩි එකඟ වී ඇත. අද දවස තුළ දී එම ලිපිය ජනාධිපතිවරයා වෙත ලබා දෙන බවට ද පොරොන්දු වී ඔහු එම සාකච්ඡාවෙන් බැහැර වී තිබේ.

කෙසේ වෙතත්, තම සමීප මිතුරාගේ ඉල්ලා අස්වීම ජනාධිපතිවරයා විසින් පිළිගනු ඇද්ද යන සැකය ජ.වි.පෙ. ප්‍රධාන ලේකම් ඇතුළු පිරිසට තිබෙන බව අපගේ ආරංචි මාර්ග පෙන්වා දේ. කුමාර ජයකොඩිගේ ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා ප්‍රතික්ෂේප කරන ලද හොත්, එය ජ.වි.පෙ. අභ්‍යන්තර පිපිරීමකට නියමිත විය හැකි යැයි එම පක්ෂ ආරංචි මාර්ග පෙන්වා දේ.

නිරෝෂන පෙරේරා

බලශක්ති ඇමති ඉල්ලා අස් වේ!

ජවිපෙ ප්‍රධාන ලේකම් ඇතුළු පිරිසගෙන් හා පුද්ගලික පීඩනයට අවනත වී තම අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීමට කුමාර ජයකොඩි අමාත්‍යවරයා තීරණය කර තිබේ.
ඉදිරියේදී විදුලි බලය කප්පාදු කිරීමට සිදුවීමත් සමඟ බලශක්ති අමාත්‍යවරයා කේන්ද්‍ර කරගත් දරුණු ප්‍රතික්‍රියා ඇතිවිය හැකියැයි ජවිපෙ නායකයන් ඔහුට ඒත්තු ගන්වා ඇත. ජනාධිපතිවරයාට පීඩනයක් ඇති කර ඉල්ලා අස්විය යුතු බවද ඔවුන් පවසා ඇත.

ජනප්‍රිය පුවත්  හය වසර සිසුන්ට සමලිංගික අධ්‍යාපනය !

ඒ අනුව කුමාර ජයකොඩි අද දවස තුළ තම ඉල්ලා අස්වීම ජනාධිපතිවරයාට භාර දෙන දෙනු ඇත. එම ඉල්ලා අස්වීම ජනාධිපතිවරයා විසින් පිළිගනු ඇත් ද යන්න පැහැදිලි නැත.

සබැදි පුවත

තොරතුරු එසැණින් දැනගන්න අපගේ නිල WhatsApp සමූහය සමඟ එක්වන්න

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x