April 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

⁣විදුලි බිල 50%කින් ඉහළ දැමිමට යෝජනාවක්!

1 min read

විදුලි ගාස්තු තවත් 50% වැඩි කිරීම සඳහා මේ වන විට යෝජනා ඉදිරිපත්ව ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අනාවරණය කරයි.

රටේ පවතින දැඩි ආර්ථික පීඩනය හමුවේ ජනතාව තම කනකර ආභරණ පවා උගස් තබමින් ජීවත් වීමට වෙහෙසෙන තත්ත්වයක් තුළ මෙවැනි පියවරක් ගැනීමට සැරසීම බරපතල තත්ත්වයක් බව ඔහු පෙන්වා දෙයි.

රටේ පවතින ගල්අඟුරු අර්බුදය සහ ඒ ආශ්‍රිතව සිදුව ඇති බව කියන මහා පරිමාණ දූෂණය සහ වංචාව සම්බන්ධයෙන් ද මන්ත්‍රීවරයා මෙහිදී කරුණු පැහැදිලි කළේය.

රජයට පාඩුවක් සිදු කිරීම සම්බන්ධයෙන් වන රාජ්‍ය දේපල පනත, දණ්ඩ නීති සංග්‍රහය සහ දූෂණ විරෝධී පනත යටතේ මෙයට වගකිව යුතු ජනාධිපතිවරයාගේ සිට කැබිනට් මණ්ඩලය දක්වාත්, තෙල් සංස්ථාවේ සහ විදුලිබල මණ්ඩලයේ නිලධාරීන්ටත් මෙහි වගකීමෙන් මිදිය නොහැකි බව ඔහු අවධාරණය කරයි.

එමෙන්ම රටට අවශ්‍ය කරන පොහොර ගෙන්වීමට නිසි වැඩපිළිවෙලක් සකස් නොකිරීම රජය සිදුකළ බරපතල වැරැද්දක් බව ද මන්ත්‍රීවරයා මෙහිදී සඳහන් කළේය.

වර්තමානයේ ජනතාව පෝලිම්වල රැඳී සිටින්නේ ජීවත් වීමට මගක් සොයා ගැනීම සඳහා බවත්, අවුරුදු සැමරීමට වඩා ජනතාව හිඟාකන තත්ත්වයකට පත්ව ඇති බවත් ඔහු පැවසීය.

ජනප්‍රිය පුවත්  රටපුරා රෝහල්වල වෛද්‍ය වැඩ වර්ජනය ඇරඹේ!

මේ හේතුවෙන් පීඩාවට පත් ජනතාව වෙනුවෙන් වහාම සහන පැකේජයක් හඳුන්වා දෙන ලෙස ද මන්ත්‍රීවරයා රජයෙන් වැඩිදුරටත් ඉල්ලා සිටී.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x