June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

හර්ෂි රසාංගාව අත්අඩංගුවට ගත් තලංගම OIC ට ස්ථාන මාරුවක්!

1 min read

ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩක භානුක රාජපක්ෂ විසින් තම රන් මාලයක් සිය අනුදැනුමකින් තොරව උකස් කර මුදල් ලබාගෙන ඇති බවට කළ පැමිණිල්ලකට අනුව ජනප්‍රිය නවක රංගන ශිල්පිනී හර්ෂි රසාංගාව අත්අඩංගුවට ගත් තලංගම පොලිසියේ ස්ථානාධි එල්.ඩී.ආර්. අනුරුද්ධ ඇතුලු උසස් පොලිස් නිලධාරීන් පිරිසකට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථානමාරුවීම් ලබා දී තිබෙනවා.

ඒ ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය යටතේ පොලිස්පති ප්‍රියන්ත වීරසූරියගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති නිල ලිපියකට අනුවයි.

ඒ අනුව තලංගම පොලිසියේ හිටපු ස්ථානාධි එල්.ඩී.ආර්. අනුරුද්ධව සාමාන්‍ය රාජකාරි සඳහා පොලිස්පති අණදෙන තොරතුරු කොට්ඨාසය වෙත මාරු කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x