June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

අනවශ්‍ය ලෙස පොහොර භාවිතා කරන්න එපා! පොහොර මිලක් වැඩිවෙනවා! – නි. ඇමති නාමල් කරුණාරත්න…

1 min read

දැනට පවතින පොහොර තොග ප්‍රමාණවත් වුවද, ඉදිරියේදී මෙරටට පැමිණීමට නියමිත නව පොහොර තොගවල මිල ඉහළ යා හැකි බැවින් ගොවීන් ඉතා කල්පනාකාරීව අනවශ්‍ය ලෙස පොහොර භාවිතයෙන් වැළකී සිටිය යුතු බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න අවධාරණය කරයි.

පවතින පොහොර තොග නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ මේ වන විට රට තුළ මූලික පොහොර (TSP) මෙට්‍රික් ටොන් 4,000කට ආසන්න ප්‍රමාණයක් පවතින අතර MOP පොහොරද අවශ්‍ය ප්‍රමාණයට පවතින බවයි.

රජය සහ පෞද්ගලික අංශය සතුව මේ වන විට යූරියා පොහොර මෙට්‍රික් ටොන් 20,000ක් පමණ පවතින අතර, තවත් යූරියා මෙට්‍රික් ටොන් 25,000ක් රැගත් නෞකාවක් ඉදිරි දින කිහිපය තුළ මෙරටට ළඟා වීමට නියමිතය.

කෙසේ වෙතත්, අලුතින් ගෙන්වනු ලබන පොහොර නෞකාවල අඩංගු පොහොරවල මිල දැනට පවතින මිලට වඩා වැඩි වනු ඇති බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. මේ හේතුවෙන් පොහොර නාස්තිය අවම කර ගැනීම සඳහා නිලධාරීන් ලබාදෙන තාක්ෂණික උපදෙස් අනුව පමණක් පොහොර භාවිත කිරීමට ගොවීන් වගබලා ගත යුතු බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

ජනප්‍රිය පුවත්  ''මාලිමාව" ට අන්ත පරාජයක්!

පෞද්ගලික සමාගම් සතු පොහොර තොග රුපියල් 9,500ක මිලකටත්, රජයේ ගබඩාවල පවතින පොහොර රුපියල් 9,200ක මිලකටත් නිකුත් කිරීමට රජය මැදිහත්වී එකඟතාවකට පැමිණ ඇත.
මේ සඳහා වන ප්‍රවාහණ වියදම පමණක් ගොවි සංවිධානවලට දැරීමට සිදුවනු ඇත.

එබැවින් වෙළඳපොළේ පවතින රුපියල් 15,000-16,000 වැනි අධික මිල ගණන්වලට පොහොර මිලදී නොගන්නා ලෙස අමාත්‍යවරයා ගොවීන්ගෙන් ඉල්ලා සිටියි.

පොහොර සඟවා තබමින් අයුතු ලෙස ලාභ ලැබීමට උත්සාහ කරන පුද්ගලයන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවත්, දැනටමත් දඹුල්ල වැනි ප්‍රදේශවල එවැනි වැටලීම් සිදුකර ඇති බවත් ඔහු අනතුරු ඇඟවීය.

පොහොර හිඟයක් මවාපාමින් කළුකඩ මිලට අලෙවි කිරීමට උත්සාහ නොකරන ලෙස අදාළ පාර්ශ්වයන්ට නියෝජ්‍ය අමාත්‍යවරයා දන්වා සිටියේය.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x