මචං හර්ෂණ
1 min read
මචං හර්ශණ
කාලයක් තිස්සේ මේක ලියන්න ඕනේ කියලා හිතුවට වෙලාවත් කලාවත් සෙට් උනේ නෑ. මීට අවුරුදු ගාණකට කලින් හැම සතිඅන්තෙම වගේ සෙට් වෙච්ච උබේ පරණ යාලුවෙක් වෙච්ච මාව අමතක වෙන්න විදියක් නැති බව මට විශ්වාස උනත් නිකමට හරි අමතක නම් උබලගේ ගෙදර ඉස්සරහා රූපවාහිනියේ වැඩ කරන ශිරාන්ගෙන් ඇහුවා නම් මතක් කරලා දෙයි මචං.
ජෙප්පෝ එක්ක NPP මාලිමාව හදන්න ලගින්න ගත්තට පස්සේ මම ආශ්‍රය නැවැත්තුවත් හර්ශණ නානායක්කාර කියලා ඒ කාලේ අශ්‍රය කරපු කොලිටි මිනිහා ගැන නම් මතකය අමතක උනේ නෑ. ඡන්දෙන් පස්සේ ජෙප්පන්ගේ හොර ආචාර්ය උපාදි කේස් එකේදී උබේ නමත් කියවෙද්දි මම අපේ උන්ට කිව්වේ මම දන්න හර්ශණ නම් කිසි විටක ඒ වගේ තුට්ටු දෙකේ වැඩ කරන්නේ නැති බව මට ෂුවර් කියලයි. උබලගේ තාත්තා එක්ක (යසපාලිත නානයක්කාර) ෆිල්ම් විශාල ප්‍රමාණයක් හදපු, කෝටි ගණන් ආදායම් වාර්ථා තියපු විජය කුමාරතුංගව අමු අමුවේ ඔලුවට වෙඩි තියලා මරපු පක්ශයකට එකතු වුනේ කොහොමද කියලා අදටත් මම හිතනවා. (උබට පුලුවන් නම් ඒකට සම්බන්ද එකෙක් හරි ඉන්නවා නම් නීතියෙන් දඩුවම් කරපං මචං)
අපේ ආශ්‍රය කරපු යාලුවෝ අතරින් මුලින්ම කැබිනට් ඇමතිකමක් උබට ලැබෙයි කියලා නොහිතුවත් අප්‍රසන්නම JVP වගේ පක්ශයකින් උනත් පරණ යාලුවෙක් වෙනුවෙන් අවංකව මම සතුටු උනා. අපේ පරණ සෙට් එකේ මට හම්බවුනු හැම මිත්‍රයටම උබ ගැන කතා වෙලා අපි සතුටු වුනා.
හැබැයි මචං ඇමතිකම ගත්තට පස්සේ උබේ හැසිරීම නම් පෞද්ගලිකව මට සතුටු වෙන්න බැරි මට්ටමක තියෙන්නේ. විශේෂයෙන්ම පහුගිය සතියේ පාර්ලිමේන්තුවේ සිදුවුනා කියපු මැද ඇගිලි සිද්ධිය වගේ දේවල් පරණ හර්ශණගෙන් නම් කවදාවත් දකින්න තිබ්බේ නෑ. සත්තිකුම්භ ජාතක කතාවේ හොරු රැල ගාවට වැටිච්ච ගිරවට උන දේ උබට උනාද මම දන්නේ නෑ මචං නමුත් ඒක උබේ image එකට නම් හරි නෑ.
අධිකරණ ඇමති විදියට පාර්ලිමේන්තුව ඇතුලේ නාමල්ට ඇතුලට දානවා කියලා තර්ජනය කරා කිව්වම, උබේ කාලය තුල අල්ලස් කොමිසමේ මරණ තර්ජන වලට බයේ බොරු සාක්ශි දුන්නා කියලා දිවුරුම් ප්‍රකාශ උසාවියට දෙනකොට අනේ අපොයි කියලා මට හිතුනා.
නැති හොරු ඇති කරන්න උබට ඔය ජෙපි තක්කඩි YouTube වෙලෙන්දෝ ටිකක් ලව්වා ඇතුලෙන්ම ගස්සනවා වගේ දෙයක් නම් පේන්න තියනවා. ඒක නිසා ආතතියට පත්වෙලා මෙහෙම හැසිරෙනවද කියන්න මම දන්නේ නෑ මචං. එදා වගේම මචං හරිදේ කරපං, හොරු ඇත්තටම ඉන්නවා නම් අල්ලපං එහෙම නැතුව මහින්දගේ නමයි නාමල්ගේ නමයි කියලා ගෙදර යන්න පුලුවන් වගේ අනීතික දේවල් සිද්ධ වෙන්න දෙන්න එපා මචං දවසක ඒවා ඩබල් ට්‍රිපල් වෙලා පොලිය එනවා. මම හිතනවා උබ ඕවා කරන්නේ හෝ අනුබල දෙන්නේ නෑ කියලා නමුත් පරිප්පු සෙට් වෙද්දි එන්නේ තනියම කියලයි ඉතිහාසය අපිට පෙන්නන්නේ.
මචං මේ ප්‍රශ්න snowball වෙන විදියට මේ ආණ්ඩුව නම් තව අවුරුද්දක් ඇද ගන්නත් අමාරු වෙනවා. ආයෙත් දේශපාලනේ රැදෙන්න ඕනේ නම් දැන්ම වෙන පක්ශක් ගැන හිතපං මොකද මාලිමාව විතරක් නෙමෙයි ජෙප්පොත් 3% වත් නැතිවෙන්න හේදිලා යනවා. මගේ නම් උපකල්පනය 2027 මහ මැතිවරණයක් කියන එක.
උබ දේශපාලනය කරත් නොකරත් මේ “කොළඹ සන්නි” ආණ්ඩුව ඉවර උනාම පාරේදි හම්බ වුනොත් “හලෝ මචං” කියලා කතා කරන්න පුලුවන් වැදගත් විදියට හරි දේ කරයි කියලා අදටත් මම හිතනවා මචං, මේක ලියන්න හිතුවෙත් ඒකයි.
උබ මේ ලියපු දේ පොසිටිව්ලි ගනියි කියලා මම හිතනවා මට මතක හර්ශණ තාම උබ ඇතුලේ ඉන්නවා නම්.
දැන් ඉතින් මේක කියවලා ජේවීපී නොනිල මාධ්‍ය ප්‍රකාශක පොපට් ලාල් වගේ උන් “අන්න දැක්කා නේද ඩීල් එක” වගේ ගොං කතා කියයි. ඒ වගේම ඉතුරු වෙලා ඉන්න සුලු ලොන්ඩරි දායක සභාවටත් ඉල්ලීමක් කරනවා මේකට හැකි තරම් කුණුහරුප comments දාලා හර්ශණට පේනකං reach එක හදලා දෙන්න කියලා.
මම,
දමිත වික්‍රමසිංහ
ශ්‍රී ලංකාවේ 29 වන තරුණ කටයුතු අධ්‍යක්ශක ජෙනරාල්
ප.ලි: පින්තූරය හැදුවේ ChatGPT මේ ලියවිල්ලට ගැලපෙන image එකක් හදන්න කිව්වම
