‘ඉරානය, උත්තරීතර නායකකම දෙන්න යෝජනා කළා’ ‘මම එපා කිව්වා – ට්‍රම්ප්
1 min read
| ‘ඉරානය විසින් එරට “උත්තරීතර නායක” (Supreme Leader) තනතුර තමන්ට නිල නොවන මට්ටමින් යෝජනා කළ බවත්, තමන් “එපා, ස්තූතියි” යනුවෙන් පවසමින් එය ප්‍රතික්ෂේප කළ බවත් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ.
ඊයේ (මාර්තු 25) පැවැති වාර්ෂික ජාතික රිපබ්ලිකන් කොන්ග්‍රස් කමිටු (NRCC) අරමුදල් රැස්කිරීමේ රාත්‍රී භෝජන සංග්‍රහයේදී අදහස් දක්වමින් ට්‍රම්ප් මේ බව පවසා ඇත.
“ඔවුන් පවසනවා, අපි කැමතියි ඔබව ඊළඟ උත්තරීතර නායකයා ලෙස පත් කරගන්න’ කියලා. මම කිව්වා ‘එපා ස්තූතියි, මට ඒක අවශ්‍ය නැහැ’ කියලා.”
(“There’s never been a head of a country that wanted that job less than being the head of Iran. We hear them very clearly. They say, ‘I don’t want it. We’d like to make you the next supreme leader.’ No, thank you. I don’t want it.”)
ඔහුගේ මෙම නවතම ප්‍රකාශය පැමිණෙන්නේ, ඉරානයේ කිසිවකු ඇමරිකා එක්සත් ජනපදය සමඟ සාකච්ඡා නොකරන බවට ඉරානය පැහැදිලිවම ප්‍රකාශ කර ඇති පසුබිමක ය.
ඉරාන පාලන තන්ත්‍රය සහ ඇමරිකාව අතර රහසිගත සාකච්ඡා සිදුවෙමින් පවතින බවත්, ඉරානයට “ගිවිසුමක් ඇති කර ගැනීමට” අවශ්‍ය වී ඇති බවත් ට්‍රම්ප් පසුගිය දින කිහිපය පුරාම අවධාරණය කරමින් සිටියි.
කෙසේ වෙතත්, ඉරානය ඔහුගේ මෙම ප්‍රකාශයන් සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කර ඇත.
ටෙහෙරාන් පාලනය ඔහුගේ ප්‍රකාශ “අතිශයෝක්තියෙන් යුක්ත සහ අසාධාරණ” ඒවා ලෙස හඳුන්වා ඇති අතර, තමන් ඇමරිකාව සමඟ කිසිදු සාකච්ඡාවක නිරත නොවන බව යළිත් තහවුරු කර තිබේ.
