April 17, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

මිත්‍ර රටවලට හෝමුස් සමුද්‍ර සන්ධිය විවෘතයි – ඉරානය

1 min read

මිත්‍ර වලට

ඉන්දියාව ඇතුළු මිත්‍ර රටවල නෞකා සඳහා හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කිරීමට අවසර ලබාදුන් බව ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරාග්චි ප්‍රකාශ කර තිබේ.‍

මුම්බායි හි පිහිටි ඉරාන කොන්සල් ජනරාල් කාර්යාලය නිකුත් කළ නිවේදනයකට අනුව, ඉන්දියාවට අමතරව චීනය, රුසියාව, ඉරාකය සහ පාකිස්තානය වැනි මිත්‍ර රටවල නෞකා සඳහා ද මෙම අවසරය හිමිව තිබේ.

හෝමුස් සමුද්‍ර සන්ධිය වසා තැබීම හේතුවෙන් ගෝලීය වශයෙන් තෙල්, ගෑස් සහ පොහොර ප්‍රවාහනයට දැඩි බාධා එල්ල වී ඇති බවත්, එය වහාම විවෘත කළ යුතු බවත් එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් මහතා කළ ඉල්ලීමෙන් පසුව ඉරානය මෙම තීරණය ගෙන ඇත.

මහලේකම්වරයා අවධාරණය කළේ බටහිර ආසියාවේ පවතින යුද්ධය වහාම අවසන් කිරීම මෙවැනි ආර්ථික බලපෑම් අවම කර ගැනීමට ඇති හොඳම මඟ බවයි.

මේ අතර, ඊයේ (25) නිව්යෝර්ක් හි පිහිටි ඉරාන දූත මණ්ඩලය සඳහන් කළේ “සතුරු නොවන” ඕනෑම නෞකාවකට හෝමුස් සමුද්‍ර සන්ධිය භාවිතා කළ හැකි බවය.

එහෙත් එම නෞකා ඉරානයට එරෙහි ආක්‍රමණවලට සම්බන්ධ නොවිය යුතු අතර, ඉරානය පනවා ඇති ආරක්ෂක රෙගුලාසිවලට අනුකූලව කටයුතු කළ යුතුය.

ජනප්‍රිය පුවත්  ඉරාන විරෝධතාකරුවන් අපි දුන් අවි වෙන අතකට හැරවූවා! මම ඉන්නෙ හරි අවුලෙන් - ට්‍රම්ප් පවසයි

කෙසේ වෙතත්, ඉරාන ආරක්ෂක කවුන්සිලය නිවේදනය කර ඇත්තේ මෙම උපායමාර්ගික මුහුදු මාර්ගය හරහා නෞකා ගමන් කිරීමේදී අද සිට “ඉරාන නිලධාරීන් සමඟ පූර්ව සම්බන්ධීකරණයකින්” යුතුව කටයුතු කිරීම අනිවාර්ය බවය.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x