April 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

විමල්ට ගහන්න! ජනපතිගෙන් සජිත්ට කොන්ත්‍රාත්තුවක්!

1 min read

පසුගිය සඳුදා (23) දෙරණ රූපවාහිනී නාලිකාව මගින් විකාශය කරන ලද ‘360’ දේශපාලන සංවාද වැඩසටහනේදී, එයට සහභාගී වූ හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා ආණ්ඩුව පිළිබඳව මෙන්ම විපක්ෂ නායකවරයා පිළිබඳව ද විවේචන ඉදිරිපත් කර තිබේ.

එහිදී විපක්ෂ නායකවරයා තම බිරිඳගේ ව්‍යාපාරික ස්ථානය තුළ නිවාස අධිකාරියේ සේවකයන් වැඩට යොදා ගැනීම සම්බන්ධව සහ ‘සිරිකොත’ ප්‍රතිසංස්කරණය කිරීමට රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව ගෙවීමකින් තොරව යොදා ගැනීමට අදාළ විමර්ශන දෙකක සිරකරුවෙකු වී සිටින බව ඔහු පවසා තිබේ. එම කරුණු මත ඔහු ආණ්ඩුව සම්බන්ධයෙන් අනුගමනය කරනුයේ ප්‍රහාරාත්මක නොවන පිළිවෙතක් බව හිටපු අමාත්‍යවරයා පවසා ඇත. ඔහු එහිදී සජිත් ප්‍රේමදාසගේ ‘‘විපක්ෂය“ හඳුන්වා දී ඇත්තේ ‘සෙවල විපක්ෂය’ යනුවෙනි.

මෙම සෙවල විපක්ෂයට රටේ පවත්නා තත්ත්වය වටහාගත නොහැකි බවත්, එබැවින් ප්‍රඥාවන්ත දේශපාලන නායකත්වයක් මගින් මෙම ආණ්ඩු විරෝධී බලවේග මෙහෙයවිය යුතු බවත් විමල් වීරවංශ එහිදී අවධාරණය කර ඇත.

මෙම ප්‍රකාශයෙන් පසුව ජනාධිපති අනුර කුමාර දිසානායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස දුරකථනය මගින් සම්බන්ධ කරගෙන තිබේ. ජනාධිපතිවරයා විපක්ෂ නායකවරයාට පවසා ඇත්තේ ‘‘විමල්ට මතක හිටින ප්‍රහාරයක්“ එල්ල කරන ලෙසයි. එය අනුමත කර ඇති විපක්ෂ නායකවරයා, ඉන් අනතුරුව තම ගම්පහ ආසන සංවිධායක වර්ණ රාජපක්ෂ අමතා පවසා ඇත්තේ ඔහුගේ YouTube චැනලය මගින් විමල්ට ගසන ලෙසයි. අනතුරුව නිරෝෂන් පාදුක්ක නම් හිටපු පළාත් සභා මන්ත්‍රීවරයෙකුට ද එම කොන්ත්‍රාත්තුව පවරා දී තිබේ. මෙම සියලු ප්‍රකාශ සඳහා රජයේ මාධ්‍ය සහ ‘සිරස’ ‘සියත‘ වැනි නාලිකා මගින් ඉහළම ප්‍රචාරයක් ලබාදීමට ජනාධිපතිවරයා විපක්ෂ නායකවරයාට පොරොන්දු වී තිබේ.

ජනප්‍රිය පුවත්  විදේශ ගවේෂණ යාත්‍රා තහනම්! චීනයට ‘‘මාලිමා“ පහරක්!

මේ අතර විපක්ෂ නායකවරයාගේ සහ ඔහුගේ බිරිඳගේ අතිශය සමීපතම මිතුරෙකු වන ව්‍යාපාරික ලක්ෂ්මන් ෆොන්සේකා ද විවිධ පාර්ශ්වයන් අමතා පවසා ඇත්තේ “විමල්ට නැති වෙන්න ගහන‘‘ මෙන්ය.

ජලනි සම්බන්ධව කියා ඇති දේවල් තමන් පිළිනොගන්නා බව ද ඔහු විශේෂයෙන් සඳහන් කර තිබේ. මේ පිළිබඳ තවත් විශේෂ තොරතුරු ලැබීමට නියමිත අතර ඒවා ලද සැණින් ඉදිරිපත් කිරීමට අපි සූදානමින් සිටිමු.

ජලනි ප්‍රේමදාසගේ සමීපතම මිතුරෙකු වන ව්‍යාපාරික ලක්ෂ්මන් ෆොන්සේකා

තුසිත රාමනායක

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x