April 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ඉරානයෙන් ඇමෙරිකාවට දැඩි අණතුරු ඇඟවීමක්!

1 min read

ලෝකයේ මහා බලවතා යැයි කියාගන්නා පාර්ශවයන්ට මැදපෙරදිග කලාපය තුළ සිදුව ඇත්තේ දැවැන්ත උපායමාර්ගික පරාජයක් බවත්, ඔවුන් පත්ව ඇති අර්බුදයෙන් ගොඩ ඒමට හැකියාවක් තිබුණේ නම් ඔවුන් දැනටමත් එය කර අවසන් බවත් ඉරාන බාතම් අල්-අන්බියා මධ්‍යම මූලස්ථානයේ ප්‍රකාශකයා අවධාරණය කරයි.

ලෝක බලවතුන්ගේ උපායමාර්ගික බලය දැන් උපායමාර්ගික පරාජයක් බවට පත්ව ඇති බව පෙන්වා දෙන ඒ මහතා, මෙය කිසිසේත්ම ගිවිසුමක් ලෙස හඳුන්වා නොදෙන ලෙසත්, ඔවුන්ගේ පොරොන්දු දීමේ යුගය දැන් අවසන් වී ඇති බවත් සඳහන් කළේය. ලෝකය දැන් සත්‍යය සහ අසත්‍යය ලෙස පෙරමුණු දෙකකට බෙදී ඇති බවත්, කිසිදු නිදහස් මතධාරියෙකු බටහිර මාධ්‍ය රැලිවලට හසු නොවන බවත් පවසන ඉරාන සන්නද්ධ බලකායන්, කලාපයේ ස්ථාවරත්වය සහතික කරන්නේ තම හමුදාවන්ගේ ශක්තිමත් හස්තය මගින් පමණක් බවත්, ඉරාන ජාතියට එරෙහි ඕනෑම කුමන්ත්‍රණකාරී සිතුවිල්ලක් ඔවුන්ගේ මනස්වලින් ඉවත් වන තුරු පෙර පැවති තත්ත්වයන් කිසිවක් යථා තත්ත්වයට පත් නොවන බවත් අවධාරණය කර සිටී.

විශේෂයෙන්ම කලාපය තුළ ඔවුන් සිදුකළ ආයෝජනවලට හෝ පෙර පැවති බලශක්ති මිල ගණන්වලට නැවත කිසිදා හිමිකම් කීමට ඔවුන්ට ඉඩ නොදෙන බවත්, ඉරානය වැනි පාර්ශවයක් කිසිලෙසකත් එවැනි බලවතුන් සමග සම්මුතියකට නොවන බවත් ප්‍රකාශකයා වැඩිදුරටත් කියා සිටියේය.

ජනප්‍රිය පුවත්  ආපදා වන්දි ලක්ෂ 50 දෙන්නේ තක්සේරුව ලක්ෂ 50ක් නම් පමණයි!

40

SHARES
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x