April 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

IRIS ඇතුළු ඉරාන නැව් ආවේ ශ්‍රී ලංකාවේ ආරාධනයෙන්! ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති තොරතුරු ‘‘බෝම්බයක්“ ගසයි!

1 min read

අද (23) උදෑසන දේශීය මාධ්‍යවේදීන් තම තානාපති නිල නිවස වෙත කැඳවූ ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති ආචාර්ය අලිරේසා ඩෙලෙක්හොෂ් (Dr. Alireza Delkhosh) පවසා සිටියේ ”IRIS Dena” නැව ඇතුළු ඉරාන නාවික යාත්‍රා ඉන්දියාවේ පැවති නාවික අභ්‍යාසයෙන් පසුව ශ්‍රී ලංකාවට පැමිණියේ ශ්‍රී ලංකාවේ ආරාධනාවකට අනුව බවයි.

මෙහිදී IRIS යාත්‍රාවට එල්ල කරන ලද ඇමරිකානු සබ්මැරීන් ප්‍රහාරය හේතුකොටගෙන නාවිකයන් 150 සහ වෙනත් පුද්ගලයන් 32 ක් ජීවිතක්ෂයට පත් වූ බව ඔහු අවධාරණය කළා ය.

මාධ්‍ය හමුවේ ඔහු අනාවරණය කළේ ශ්‍රී ලංකාව හා ඉරානය අතර දැනට පවතින සම්බන්ධතාවය කවරාකාර ද යන්න පිළිබඳව ය.

‘‘ඉන්දියාවේ ඒකාබද්ධ නාවික අභ්‍යාස අතරතුර දී සුහද සංචාරයක් සඳහා ශ්‍රී ලංකාව මෙම ආරාධනාව සිදු කළා“ යැයි හෙතෙම පැවසුවේ ය.

ඒ අනුව පෙනී යන්නේ, අදාළ ආරාධනාව සිදු කර ඉරාන නැව් ශ්‍රී ලංකාවට කැඳවා ප්‍රහාරය සඳහා අවස්ථාව සලසා දුන්නේ ශ්‍රී ලංකා රජය විසින් බව යැයි විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

රවිඳු දුනුවිල

තොරතුරු එසැණින් දැනගන්න අපගේ නිල WhatsApp සමූහය සමඟ එක්වන්න

ජනප්‍රිය පුවත්  ආණ්ඩුව හකුළා ගනියි! විමල් නැගිටියි!

40

SHARES
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x