හදිසි මිලදී ගැනීමේ ගල් අඟුරු ටෙන්ඩරය ධම්මිකගේ සමාගමට – මහා පරිමාණ දූෂණයක් මරික්කාර් හෙළි කරයි!
1 min read
හදිසි මිලදී ගැනීම් යටතේ අලුතින් ගල් අඟුරු නැව් පහක් ගෙන්වීමේ කොන්ත්‍රාත්තුව හේලීස් (Hayleys) සමාගමට ලබා දී ඇති බව සමගි ජනබලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී එස් .එම්. මරික්කාර් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
මෙම ගල් අඟුරු මෙට්‍රික් ටොන් එකක් සඳහා සාමාන්‍ය මිලට වඩා ඩොලර් 30ක අතිරේක මුදලක් ගෙවීමට රජයට සිදුව ඇති බව මන්ත්‍රීවරයා අනාවරණය කළේය.
මෙලෙස අතිරේක මුදලක් ගෙවීමෙන් විශාල පාඩුවක් රජයට සිදුවන බව පෙන්වා දෙන ඒ මහතා එය මෙරට සිදු වු විශාලතම දූෂණය හා නාස්තිය විය හැකි බව අවධාරණය කළේය.
හේලීස් (Hayleys) සමාගම තම සන්නාම නාමය රැකගැනීම සඳහා ගුණාත්මක තත්ත්වයෙන් යුතු ගල් අඟුරු ලබා දෙනු ඇතැයි තමන් විශ්වාස කරන බව මන්ත්‍රීවරයා වෙඩි දුරටත් පැවසීය.
තොරතුරු එසැණින් දැනගන්න අපගේ නිල WhatsApp සමූහය සමඟ එක්වන්න
