අනුරගෙ කතා ඇහුවම මට හිතෙන හැටි!
1 min read
අනුරගෙ කතා වලදි අනුර 2022 දත්ත කියනවා. ඊට පස්සෙ වර්ථමාන දත්ත කියලා අපි තමයි ඒක කලේ වගේ අඟවන්න හදනවා.
අද කතාවෙත් ඒ වගේ තැන් කීපයකම කිවුවා.
2022දි පොළී අනුපාතය 36% ට ගියා. අපි දැන් 8.5%ට තනි ඉලක්කමක තියාගන්නවා කිවුවා.හැබැයි රනිල් බාර දෙද්දි ඒක 8% තිබුනෙ කියලා හංගනවා.
ඩොලර් සංචිතය 2022 දි මිලියන 20යි කිවුවා. වර්ථමානයේ එය බිලියන 07ක් කියනවා. හැබැයි රනිල් බාර දෙද්දි බිලියන 06ක් තිබුනා කියන එක අමතක කරනවා.
2022දි අපිට රුපියල් සංචිතයක් තිබුනෙ නෑ කිවුවා. හැබැයි වර්ථමානයේ බිලියන 1200ක සංචිතයක් තියෙනවා කිවුවා. හැබැයි රනිල් රුපියල් සංචිතයක් පවත්වාගෙන යන්න ප්‍රතිපත්ති තීරණයක් අරන් ඒක බිලියන 700ක් දක්වා ඉතුරු කරලා ගියා කියන එක අමතක කරනවා.
තෙල් සංස්ථාවෙ 2022දි පාඩුයි කියනවා. ඒකෙ ණය බිලියන 884 මහභාණ්ඩාගාරෙට පවරගෙන දැන් ගෙවාගෙන යනවා කියනවා.
හැබැයි ඒ පවරගත්තෙ රනිල් 2023 ජුනි මාසෙ බවත් අනුරට බාර දෙන විට බිලියන 654ක් දක්වා ඒ ණය අඩු කරගෙන තිබූ බවත් අමතක කරනවා.
2022දි උද්ධමනය 70%ට ගියාලු. දැන් ඒක 2% වෙනකන් අඩු කරාලු. හැබැයි රනිල් බාර දෙද්දි උද්ධමනය -1%යි කියන එක අමතක කරනවා.
2022දි තෙල් පෝළිම් තිබුනා කියනවා. වර්ථමානයේ පෝළිම් නැති කලා කියනවා. හැබැයි රනිල් බාර දෙද්දි කිසිම පෝළිමක් තිබුනෙ නෑ කියලා අමතක කරනවා.
අනුර සහ මාලිමාව විසින් හිතා මතාම රනිල් වික්‍රමසිංහ පාලන කාළයෙ සිදුවූ සියළුම දේවල් තමුන් කලා වගේ අඟවන්න සෑහෙන උත්සහයක් දරනවා.
ජයග්‍රහන නැති, කරපු වැඩක් පෙන්නන්න නැති, දැක්මක් නැති හිස් හාදයින්ට කරන්න වෙන්නෙ අනුන් කරපුවට ලකුණු දාගන්න ට්‍රයි කරන එක තමා.
හදපු බිල්ඩිමකට තීන්ත ගාන එක පට්ට වැඩක් වගේ හිතන් ඉන්න පොඩි මිනිස්සුන්ගෙන් මීට වඩා දේවල් බලාපොරොතු වෙන්න බෑ.
හැබැයි ඔයාලා කොච්චර උත්සහ කළත් 2022 මැයි 12 සිට 2024 සැප්තැම්බර් 21 දක්වා ලංකාවේ පරිවර්තනීය පරිච්ඡේදය අමතක කරවන්න බෑ.
තාවකාලිකව බොරුවෙන් හිරි වට්ටගත්තට ඒක සදාකාලික නෑ.
