රටේ කිසිම පොහොර හිඟයක් නෑ… හැබැයි දෙන්නේ QR ක‍්‍රමේට!– කෘෂිකර්ම ඇමති…
1 min read
පොහොර බෙදාහැරීමේ ක්‍රියාවලිය විධිමත් කිරීම සඳහා QR කේත ක්‍රමය හඳුන්වා දීමට පියවර ගන්නා බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත පවසයි.
පොහොර නිකුත් කිරීම සඳහා QR කේතයක් භාවිත කිරීම අත්‍යවශ්‍ය කරුණක් බවත්, ඒ වෙනුවෙන් දැනටමත් ඉදිරිපත්ව ඇති යෝජනාවකට අනුව නියමු ව්‍යාපෘතියක් ආරම්භ කරන බවත් ඔහු ප්‍රකාශ කරයි.
මේ වන විට දිවයින තුළ ප්‍රමාණවත් පොහොර සංචිත පවතින බැවින් කිසිදු හිඟයක් ඇති නොවන බව තහවුරු කළ අමාත්‍යවරයා, ඇතැම් පෞද්ගලික අංශ සහ අතරමැදියන් විසින් රුපියල් 12,000 – 13,000 වැනි අධික මිල ගණන්වලට පොහොර අලෙවි කරමින් පාරිභෝගිකයා සූරාකෑමට ලක් කරන බවටද චෝදනා කරයි.
අසාධාරණ ලෙස මිල ඉහළ දැමීමෙන් වළකින ලෙස අදාළ ආයතනවලට දැනුම් දී ඇති අතර, මේ සඳහා පාරිභෝගික සේවා අධිකාරියේ සක්‍රීය මැදිහත්වීම අපේක්ෂා කරන බවද හෙතෙම සඳහන් කළේය.
මෙම කන්නයේදී පොහොර සම්බන්ධ ගැටලුවක් මතු නොවනු ඇතැයි සහතික කළ අමාත්‍යවරයා, එළඹෙන මැයි මාසය වන විට චීනයෙන් අතිරේක පොහොර තොගයක් ලබා ගැනීමට කටයුතු සූදානම් කර ඇති බවද වැඩි දුරටත් සඳහන් කළේය.

Yo, I checked out bec88bet. It’s a solid platform from what I can see. If you’re bored, go check them out at bec88bet and maybe you’ll find a new spot for yourself.