විදුලිය කපයි!
1 min read
කොළඹ, ගාල්ල, නුවර, මාතර, ගම්පහ, කළුතර, බදුල්ල, නුවරඑළිය, ත්‍රිකුණාමලය, රත්නපුර, ගාල්ල, කුරුණෑගල ඇතුළු බොහෝ දිස්ත්‍රික්කවල නගර ගණනාවකම විදුලිය කපා තිබේ.
මෙයට හේතු වී ඇත්තේ, නොරොච්චෝලේ බලාගාරයට බාල ගල් අඟුරු දැමීම හේතුකොට ගෙන උපදවන අඩු විදුලිය බලය විසින්, ඇතිවන හිඟකම පියවා ගැනීම බව විදුලිය බල අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි.
නියමිත විදුලිය උත්පාදනය නොවීම මත අඩුවන ප්‍රමාණය තෝරාගත් ප්‍රදේශවල විදුලිය කප්පාදු කිරීමෙන් කළමනාකරණය කර ගැනීම ආණ්ඩුවේ උත්සාහය වී තිබේ. ඒ සඳහා බොහෝ දිස්ත්‍රික්කවල තෝරාගත් ප්‍රදේශ තුළ හදිසි විදුලිය බිඳවැටීම් යන අර්ථය යටතේ විදුලිය කප්පාදු කිරීම මගින්, ජාතික විදුලිය බල පද්ධතියට හිඟ වී තිබෙන විදුලිය ධාරිතාව කළමනාකරණය කර ගැනීම ආණ්ඩුවේ උපක්‍රමය වී තිබේ.
දිට්වා කුණාටුවෙන් විපතට ලක්වීමෙන් පසු ප්‍රධාන ජලාශවල ජලය ඉවත් කිරීම හේතුකොටගෙන ජල විදුලිය උත්පාදනය කිරීම ද අර්බුදයක තත්වයට පත්වෙමින් ඇතැයි විදුලිය බල විශේෂඥයෝ පවසති.
රුචිර සල්ගාදු
පුවත් එසැනින් බලන්න අපගේ WhatsApp සමූහය සමගින් එක් වන්න!
