ඉන්දියාව, රුසියානු බොරතෙල් මිලදී ගැනීම වැඩිකරයි!
1 min read
මැදපෙරදිග ගැටුම් හේතුවෙන් හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා තෙල් සැපයුම් දැඩි ලෙස බලපෑමට ලක්ව ඇති අතර, ලොව තුන්වන විශාලතම තෙල් ආනයනකරු වන ඉන්දියාව රුසියානු බොරතෙල් මිලදී ගැනීම් නැවත වරක් වැඩි කිරීමට සලකා බලමින් සිටින බව Bloomberg පුවත් වාර්තා කළේය.
ඉන්දීය රාජ්‍ය පිරිපහදුකරුවන් සති අන්තයේ නවදිල්ලියේදී රජයේ නිලධාරීන් සමඟ හදිසි සාකච්ඡා පවත්වා ඇති අතර, හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා සැපයුම් නතර වීම හේතුවෙන් විකල්ප සැපයුම් මාර්ග සකස් කිරීම පිළිබඳ අවධානය යොමු කර තිබේ.
ඉන්දියාව, තම ජල සීමාව අසල පවතින රුසියානු ටැංකි නැව්වලින් තෙල් මිලදී ගැනීම පිළිබඳවද සලකා බලමින් සිටින බව සඳහන් වේ.
ආසියානු සාගර කලාපයේ රුසියානු නැව්වල බොරතෙල්තෙල් බැරල් මිලියන 9.5 ක් පමණ පවතින බවට විශ්වාස කෙරේ.
ඇමරිකානු පීඩනය හමුවේ, පෙබරවාරි මාසයේදී ඉන්දියාව දිනකට රුසියානු තෙල් බැරල් මිලියනයක් පමණක් මිලදී ගත් බවත්, එය 2022 සැප්තැම්බර් මාසයෙන් පසු අඩුම මට්ටමක පැවැති බවත් සඳහන් වෙයි.
පසුගිය මාසයේදී එක්සත් ජනපදය සහ ඉන්දියාව අතර අතුරු වෙළඳ ගිවිසුමකට එළඹ තිබූ අතර එහිදී රුසියානු තෙල් මිලදී ගැනීම සම්බන්ධයෙන් පනවා තිබූ තීරුබදු අඩු කිරීම පිළිබඳ එකඟතාවයක් ඇතිවී තිබේ.
එම අවස්ථාවේදී එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රුසියාවෙන් බොරතෙල් මිලදී ගැනීම සඳහා ඉන්දියාවට පනවා තිබූ 25% තීරුබදු ඉවත් කිරීමේ විධායක නියෝගයකට අත්සන් තැබීය.
කෙසේ වෙතත්, “රුසියානු තෙල් මිලදී ගැනීම නැවැත්වීමට එකඟ වූ” බවට කර ඇති ප්‍රකාශ නවදිල්ලිය විසින් පිළිගෙන නොමැති බව සඳහන් වෙයි
පුවත් එසැනින් බලන්න WhatsApp Group එක දැන්ම Follow කරන්න !
