March 2, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

බලශක්ති අර්බුදයක්!

1 min read

ඊශ්‍රායලය හා ඇමරිකා එක්සත් ජනපදය එක්ව ඉරාන අධ්‍යාත්මික නායක අයතුල්ලා කාමෙයිනි ඇතුළු එරට නායකයින් පිරිසක් මරා දැමීමත් සමඟ, සිය පළිගැනීමේ මෙහෙයුම තීරණාත්මකව ඉදිරියට ගෙන යාමට ඉරානය තීරණය කර තිබේ.

ඒ අනුව මැද පෙරදිග කලාපයම වෙලා ගත් මෙම යුධමය වාතාවරණය ඉදිරි කාලය තුළද තීරණාත්මකව දිග්ගැස්සෙනු ඇතැයි යුධ විශ්ලේෂකයෝ වාර්තා කරති. ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබුනේ මෙම යුද්ධය අවසන් කිරීමට සති 4ක කාලයක් ගතවනු ඇති බවයි. දින 4කින් නිමා කෙරෙනු ඇතැයි අපේක්ෂාවෙන් යුද්ධය අරඹන ලද මුත්, සති 4ක් දක්වා එය දිග්ගැස්සෙනු ඇතැයි කීමට සිදුවීමෙන්ම පෙනී යන්නේ, මෙය දිග්ගැස්සුනු යුද්ධයක් බවට පත්වන බවයි.

දැනටමත් සමස්ත මැද පෙරදිග කලාපය තුළ වන ගුවන් තොටුපළවල් වසා දමා තිබේ. හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීම හා ඊට ආශ්‍රිත මුහුදු ප්‍රදේශය තුළදී ඇතැම් බටහිර වාණිජ නැවු වලට ඉරානය ප්‍රහාර එල්ල කිරීම විසින් සැලකිය යුතු සැපයුම් මාර්ග කඩාවැටීමක් සිදුව ඇතැයි පැවසේ.

හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා වසරකට ඩොලර් බිලියන 600කට වැඩි වෙළඳාමක් සිදු කෙරෙමින් තිබේ. තෙල් බැරල් මිලියන 20ක් පමණ මේ හරහා බෙදා හැරීම සිදු කෙරේ. සෑම මාස 1ක් තුළ වානිජ හා වෙනත් නාවුක යාත්‍රා 3000කට වඩා මේ හරහා ගමන් කරයි.

ජනප්‍රිය පුවත්  අගවිනිසුරුට තව අවුරුදු 2ක්!

එමෙන්ම සවුදි අරාබිය ද මේ වන විට මෙම යුද්ධයේ වක්‍ර ගොදුරක් බවට පත්ව සිටී. බොරතෙල් වැඩි ප්‍රමාණයක අපනයනය කරනු ලබන්නේ සෞදි අරාබිය විසිනි. දිනකට බොරතෙල් බැරල් මිලියන 60 ක් පමණ සෞදි අරාබිය විසින් අපනයනය කරනු ලබයි. උද්ගත වී ඇති යුධමය තත්ත්වය තුළ සෞදි අරාබියේ එම සැපයුම ද මේ වන විට බිඳ වැටී තිබේ.

ආසියානු රටවලට ලබා දෙන ඉන්ධන වලින් 82% ක්ම පැමිණෙන්නේ මෙම හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ය. දකුණු කොරියාව ලබාගන්නා තෙල් වලින් 80%මක් ලැබෙනුයේ මෙම සමුද්‍ර සන්ධිය හරහා ප්‍රවාහනය කෙරෙන තෙල් වලිනි. දිනකට තෙල් බැරල් ලක්ෂ 7ක් පමණ මෙම සමුද්‍ර සන්ධිය හරහා පැමිණේ.

මේ වන විට ඉරානය එල්ල කරන ලද ප්‍රහාර හේතුකොට ගෙන ඇමරිකානු හමුදා භටයෙන් 500කට වැඩි ප්‍රමාණයක් මරණයට ලක්ව ඇත. ඊශ්‍රායලයේ නාවික හමුදා ප්‍රධානියා ද ඉරානය එල්ල කළ ප්‍රහාරයක ඉලක්කය වී තිබේ. ඉදිරි දිනවල මෙහි තීව්‍රතාව තවත් ඉහළ යනු ඇතැයි යුධ විශ්ලේෂකයෝ පවසති.

මෙම තත්ත්වය මත, ශ්‍රී ලංකාව අවම වශයෙන් මාස 3කට සෑහෙන තෙල් සංචිත ගබඩා කර නොගැනීම මත ඉන්ධන අර්බුදයකට මුහුණ දීම වැළකිය හැකි නොවේ. එමෙන්ම ස්වාභාවික වායු (ගෑස්) ප්‍රවාහනය ද බොහෝ දුරට බිඳ වැටෙනු ඇති බැවින්, ප්‍රමාණවත් සංචිත රට තුළ නොපැවතීම හේතු කොටගෙන ඒවායේ අර්බුදයක් ද ඇතිවිය හැකිව තිබේ.

ජනප්‍රිය පුවත්  සපුගස්කන්ද තෙල් පිරිපහදුව ඇමෙරිකාවට!

බරපතළම අර්බුද ඇතිවන්නේ විදුලිය සම්බන්ධයෙනි. බාල ගල් අඟුරු නැව් දැනට පැමිණ ඇත්තේ දහයකි. තවත් නැව් පාළුවකට වැඩි ප්‍රමාණයක් සිංහල අලුත් අවුරුද්දට පෙර පැමිණිය යුතුව තිබේ. සාමාන්‍ය තත්ත්වයකදී ද එබඳු ප්‍රමාණයක් එම කෙටි කාලය තුළ ගෙන්වා ගැනීම අසීරුය. මෙම යුදමය වාතාවරණය තුළ සැපයුම් මාර්ග අකර්මණ්‍ය වීම මත මෙම ප්‍රශ්නය තවත් උග්‍ර විය හැකිව තිබේ.

ඒ අනුව විදුලිය අර්බුදයට ද ශ්‍රී ලංකාව ගොදුරුවනු ඇති බව පැහැදිලිය. වැඩිමිලට ඩීසල් බලාගාර යොදාගත හැකි වුවත් මෙම තත්ත්වය තුළ එයද අපේක්ෂා කළ හැකි නොවේ.

ආණ්ඩුව මෙතෙක් මෙම අනතුර පූර්ව තක්සේරුවක් සිදුකර පෙර ක්‍රියාමාර්ග ගැනීම කරා යොමුව නැත. අසල්වැසි ඉන්දියාව මාස 3කට ප්‍රමාණවත් ඉන්ධන සංචිත ගබඩා කර තිබේ. බොහෝ රටවල් එබඳු පෙර ක්‍රියාමාර්ග කල් තබා අනුගමනය කර ඇත.

මෙම සියලු කරුණු අනුව බරපතළ බල ශක්ති අර්බුදයකට ශ්‍රී ලංකාව ඉදිරි කාලය තුළ ගොදුරු වීම නියත බව ඒ පිළිබඳව විශේෂඥයෝ පවසති.

රාමන් සූරියපෙරුම

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x