UAE රාජ්‍යයට එල්ලූ ප්‍රහාරවලින් තුවාල ලැබූවන් අතර ශ්‍රී ලාංකිකයෙක් !
1 min read
එක්සත් අරාබි එමීර් රාජ්‍යයට (UAE) එල්ල වූ ඉරාන මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරවලින් තුවාල ලැබූවන් අතර ශ්‍රී ලාංකිකයයෙකුද සිටින බව වාර්තා වේ.
ශ්‍රී ලාංකිකයෙකු ඇතුළු විවිධ රටවලට අයත් පුද්ගලයින් 58 දෙනෙකු මෙලෙස සුළු තුවාල ලබා ඇති බව එක්සත් අරාබි එමීර් රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.
එමෙන්ම අදාළ ප්‍රහාරවලින් පාකිස්තාන, නේපාල සහ බංග්ලාදේශ ජාතිකයෙකු මේ වනවිට මියගොස් සිටිති.
විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් විශේෂ නිවේදනයක්
මේ අතර හදිසි අවශ්‍යතාවයකදී ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳවද තානාපති කාර්යාල නිලධාරීන් දැනුවත් කර ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.
කාර්යාංශය මැද පෙරදිග රටවල සේවය කරන ශ්‍රී ලාංකිකයින්ට දැනුම් දෙන්නේ ශ්‍රමිකයන්ට යම් අවශ්‍යතාවයක් මතුවුවහොත් කඩිනමින් තමන් වෙසෙන රටේ තානාපති කාර්යාලය අමතා තොරතුරු දැනුම් දෙන ලෙසය.
0094 704776008 යන වට්සප් අංකය හරහා පැය 24 පුරා කාර්යාංශය ඇමතීමට මෙන්ම තොරතුරු ලබා දීමටද හැකිය.
කාර්යාංශයේ හදිසි ඇමතුම් අංකය වන 1989 හරහාද තොරතුරු දැනුම් දිය හැකි වේ.
කලාපයේ පවතින අවිනිශ්චිත තත්ත්වය හේතුවෙන් අනවශ්‍ය ගමන් බිමන් සීමා කරන ලෙසත්, අදාළ තානාපති කාර්යාල වල උපදෙස් පිළිපදින ලෙසත් මැදපෙරදිග සිටින සියලුම ශ්‍රී ලාංකිකයන්ගෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඉල්ලා සිටී.
