ඉරානයේ නව උත්තරීතර නායකයා ලෙස මොප්තාබා කමේනි පත් කෙරේ!
1 min read
ඉරානයේ නව ආධ්‍යාත්මික හෙවත් උත්තරීතර නායකයා ලෙස ඉරාන හිටපු උත්තරීතර නායක අයතුල්ලා අලි කොමේනි නායකයාගේ පුත් මොප්තාබා කමේනි පත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මොප්තාබා කමේනි වසර ගණනාවක සිට ඉරාන පාලන තන්ත්‍රයේ තිරය පිටුපස සිටිමින් අතිශය ප්‍රබල සහ බලගතු කාර්යභාරයක් ඉටු කළ පුද්ගලයෙකු ලෙස දේශපාලන විචාරකයන්ගේ අවධානයට ලක්ව සිටියේය.
ඔහු විශේෂයෙන්ම ඉරාන විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) ඉහළ පෙළේ පත්වීම් පාලනය කිරීමේ සහ මෙහෙයවීමේ ප්‍රධානියා ලෙස කටයුතු කර ඇති අතර, එරට බුද්ධි අංශ මෙහෙයුම් සමීපව අධීක්ෂණය කිරීමේ වගකීම ද ඔහු වෙත පැවරී තිබුණි. මීට අමතරව සිය පියාගේ අභ්‍යන්තර කවය සහ රාජ්‍ය පරිපාලන තීරණ කළමනාකරණය කරමින් පාලන තන්ත්‍රයේ ස්ථාවරත්වය ආරක්ෂා කිරීමට ඔහු සක්‍රීයව දායක වූ බව වාර්තා වේ. මෙම නව පත්වීමත් සමඟ ඉරානයේ අනාගත දේශපාලන ගමන් මග සහ මැදපෙරදිග කලාපීය ආරක්ෂාව කෙරෙහි ඔහුගේ තීරණ තීරණාත්මක වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
