ඉන්දීය මහ කොමසාරිස් සහ රනිල් අතර හමුවක්!
1 min read
අටවැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ශ්‍රී ලංකාවේ සිටින ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා (Santhosh jha) අතර හමුවක් අද (25) උදෑසන කොළඹ මල් පාරේ පිහිටි දේශපාලන කාර්යාලයේදී පැවැත්වී තිබේ.
මෙම දෙදෙනා අතර පැය එකහමාරක පමණ කාලයක් සාකච්ඡා පැවැත්වී තිබේ අපගේ දේශපාලන ආරංචි මාර්ග අනුව හිටපු රාජ්‍ය බුද්ධි අංශු ප්‍රධානී සුරේස් සලේ රහස් පොලිසිය මගින් අත්අඩංගුවට ගැනීම පිළිබඳව ඉන්දියාව නොසතුටට පත්ව තිබේ. එමෙන්ම මේ වසර ඇතුළත පළාත් සභා මැතිවරණය පැවැත්වීමට ආණ්ඩුවට බල කිරීමට ද ඉන්දියාව තීරණය කර ඇත.
මෙම හමුව අවසානයේ රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා කිසිදු තොරතුරක් අන් අය සමඟ සාකච්ඡා කර නැති නමුත් ඔහු ඉතා සතුටින් සිටින බව එම පක්ෂ ආරංචි මාර්ග අවධාරණය කරයි.

