March 2, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

සෝලාර් මාෆියාව’ සහ අලි වැටෙන් එළියට ආ හම්බන්තොට මිලියන 14ක අල්ලස

1 min read

පසුගියදා පාර්ලිමේන්තුවේදී විදුලිබල හා බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා රටේ අවධානය දිනාගත් දැවැන්ත හෙළිදරව්වක් සිදු කළේය. එනම්, මෙරට විදුලිබල ක්ෂේත්‍රය තුළ ක්‍රියාත්මක වන්නේ ඛනිජ තෙල් හා ගල් අඟුරු මාෆියාව පමණක් නොවන බවත්, හරිත බලශක්තියට මුවා වූ මහා පරිමාණ ‘සූර්ය බලශක්ති (Solar) මාෆියාවක්’ ද මේ වන විට නිර්මාණය වී ඇති බවයි. තමා කුමන බාධක පැමිණියද එම මාෆියාව කඩා බිඳ දමන බවට අමාත්‍යවරයා එහිදී දැඩිව අවධාරණය කළේය.

අමාත්‍යවරයාගේ මෙම බරපතල ප්‍රකාශයේ සත්‍යතාව මොනවට තහවුරු කරන, එමෙන්ම වත්මන් රාජ්‍ය යාන්ත්‍රණයම ප්‍රශ්නාර්ථයකට ලක් කරන සජීවී උදාහරණයක් මේ වන විට හම්බන්තොටින් වාර්තා වී තිබේ. ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය (MONLAR) විසින් මෑතකදී හෙළිදරව් කළ කරුණු හරහා, අමාත්‍යවරයා පැවසූ එම ‘සෝලාර් මාෆියාවේ’ සැබෑ හැඩරුව මනාව නිරූපණය වේ.

මිලියන 14ක වක්‍ර අල්ලස සහ මහා වන විනාශය


අමාත්‍යවරයා පෙන්වා දුන් මාෆියාව ක්‍රියාත්මක වන ආකාරය හම්බන්තොට අලි කළමනාකරණ රක්ෂිතය ආශ්‍රිතව පැහැදිලිව දැකගත හැකිය.

මෙය කිලෝමීටර 12ක එල්ලෙන විදුලි වැටක් ඉදිකිරීම සඳහා දෙන ලද ‘ප්‍රජා සත්කාරයක්’ ලෙස පෙන්වීමට උත්සාහ කළද, පර්යේෂක සජීව චාමිකර මහතා පෙන්වා දෙන්නේ මෙය ව්‍යාපෘති යළි අනුමත කරවා ගැනීමේ අරමුණින් බලධාරීන්ට ලබා දුන් සියුම් වක්‍ර අල්ලසක් බවයි. මේ වන විටත් සීනුක්කුගල, ඔරුකෙන්ගල හා කපාපුවැව ප්‍රදේශවල අලින්ගේ නිජබිම් වන වනාන්තර අක්කර 1000ක් පමණ මෙම මාෆියාව විසින් ඩෝසර් කර දමා තිබේ.

ජනප්‍රිය පුවත්  ආණ්ඩුවේ ශක්තිමත් වැඩපිළිවෙල සමග රට ඉදිරියට ගෙන යාමට සියලු දෙනා එක්විය යුතුයි - ඩඩ්ලි සිරිසේන

දුදූ ඉන්ටර්නැෂනල් පුද්ගලික සමාගම (Dudu International Pvt Ltd), නිධන්යා ඉන්ටර්නැෂනල් පුද්ගලික සමාගම (Nidhanya International Pvt Ltd), ටානු ඉන්ටර්නැෂනල් පුද්ගලික සමාගම (Tanu International Pvt Ltd), ටනිෂ් ඉන්ටනැෂනල් පුද්ගලික සමාගම (Tannish International Pvt Ltd), ඔරියන් සෝලා පුද්ගලික සමාගම (Orion Solar Pvt Ltd), එවර්නිව් එනර්ජි පුද්ගලික සමාගම (Everrenew Energy Pvt Ltd) හා ඒෂියන් සෝලා පුද්ගලික සමාගම (Asian Solar Pvt Ltd) යන සමාගම් මඟින් මේවා සිදු කර ඇතැයි ද පැවසේ.

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයා බිලිගන්නා ඒකාධිකාරිය


මෙම විශ්ලේෂණය කිසිසේත්ම රටට අත්‍යවශ්‍ය සූර්ය බලශක්ති ප්‍රවර්ධනයට එරෙහි වීමක් නොවේ. සූර්ය බලශක්තිය යනු සාමාන්‍ය ජනතාවට සහ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට (SMEs) ආර්ථික ප්‍රතිලාභ ලැබිය හැකි ප්‍රජාතන්ත්‍රවාදී බලශක්ති ප්‍රභවයකි.

එහෙත් අමාත්‍ය කුමාර ජයකොඩි මහතා පාර්ලිමේන්තුවේදී ඉඟි කළ පරිදිම, අද සිදුවෙමින් පවතින්නේ එම අවස්ථාව සුළු ව්‍යවසායකයින්ගෙන් උදුරා ගැනීමයි. තෙල් සහ ගල් අඟුරු වලින් යැපුණු මහා පරිමාණ ජාවාරම්කරුවන්ම දැන් රජයේ වනාන්තර අක්කර දහස් ගණනින් කොල්ලකමින්, සූර්ය බලශක්ති ක්ෂේත්‍රයද දැවැන්ත ඒකාධිකාරියක සහ මාෆියාවක ගොදුරක් බවට පත් කරමින් සිටී.

ජනප්‍රිය පුවත්  වසන්ත සමරසිංහගේ නඩුව ඇසූ ගල්කිස්ස මහේස්ත්‍රාත්ට මාරු වීමක් !

ආණ්ඩුවේම මන්ත්‍රීවරුන්ගේ සැකකටයුතු මැදිහත්වීම


අමාත්‍යවරයා මාෆියාව ගැන හෙළිදරව් කරද්දී, ආණ්ඩුවේම ඇතැම් නියෝජිතයින් එම මාෆියාවටම පහසුකම් සපයන බව පෙනී යාම මෙහි ඇති බරපතලම ඛේදවාචකයයි. පසුගිය ආණ්ඩුව සමයේ මෙම ජාවාරම්කාර ව්‍යාපෘති අත්හිටුවීමට මැදිහත් වූයේ වත්මන් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති මහතාය.

එහෙත් මෙවර අදාළ සමාගම්වලින් මිලියන 14ක මුදල් ලබාදීමේ ක්‍රියාවලිය සිදුවී ඇත්තේ ඔහු ඇතුළු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුගේ සහ රාජ්‍ය නිලධාරීන්ගේ මඟපෙන්වීම හා සම්බන්ධීකරණය යටතේ බවට MONLAR ආයතනය චෝදනා කරයි. ඊයේ දූෂණයට එරෙහි වූවන්, අද මෙවැනි සැකකටයුතු ගනුදෙනුවලට මැදිහත් වන්නේ ඇයිද යන බරපතල සැක සංකා මේ හරහා සමාජය තුළ මතු වේ.

බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා සෝලාර් මාෆියාව පිළිබඳව පාර්ලිමේන්තුවේදී කළ හෙළිදරව්ව සියයට සියයක් නිවැරදි බව හම්බන්තොට පරිසර සංහාරයෙන් ඔප්පු වී අවසන්ය. දැන් ඇත්තේ අමාත්‍යවරයාට තම වචන ක්‍රියාවට නැංවීමේ අභියෝගයයි. සුළු ව්‍යවසායකයාත්, වටිනා පරිසර පද්ධතිත් බිලිගන්නා මෙම සෝලාර් ජාවාරම සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වා, ඊට සම්බන්ධ සියලු දේශපාලනඥයින්ට සහ නිලධාරීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට අමාත්‍යවරයා සහ රජය කටයුතු කළ යුතුව ඇත.

ජනප්‍රිය පුවත්  ආණ්ඩුවේ YouTuber  සුදාගේ ආරක්ෂාව ඉවත් කරයි!

40

SHARES
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x