පුරාවිද්‍යා ස්ථානවල පන්සල් හදන්න යන එක වැරදියි…! – ගල්ලෑල්ලෙ සුමනසිරි හිමි
1 min read
පුරාවිද්‍යාත්මක ස්ථාන ආරක්ෂා කිරීමට අණ පනත් සහ දෙපාර්තමේන්තු ඇති බවත් එම ස්ථාන අදාළ ආයතන විසින් මැනවින් ආරක්ෂා කරන බවත් බෞද්ධ හා පාළි විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ගල්ලෑල්ලෙ සුමනසිරි හිමි පවසයි.
එම පැරණි බෞද්ධ සිද්ධස්ථාන පිහිටි ස්ථානවල නැවත පන්සල් තැනිය යුතු යැයි සිතීම වැරදි බවද එහිමියන් අවධාරණය කරයි.
දැන් උතුරු පළාතේ සිටින්නේ දෙමළ ජනතාව බවත් එම ප්‍රදේශවල ඇති පෞරාණික ස්ථානවල නැවත පන්සලක් තැනිය හැකිදැයි මහාචාර්ය ගල්ලෑල්ලෙ සුමනසිරි හිමි ප්‍රශ්න කරයි.
ඊයේ (19) ස්වාධීන රූපවාහිනියේ විකාශය වූ කරළිය වැඩසටහනට එකතු වෙමින් උන් වහන්සේ මේ බව කීහ.
පුවත් එසැනින් බලන්න WhatsApp Group එක දැන්ම Follow කරන්න !
