June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

කන්ටේනර් 323 ගැන හොයන තේරීම් කාරක සභාවට නව සාමාජිකයෙක්!

1 min read

මතභේදයට තුඩු දී ඇති බහාලුම් 323ක් නිදහස් කිරීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා වූ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ සාමාජිකයෙකු ලෙස අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ පත්කළ බව කතානායක ජගත් වික්‍රමරත්න පාර්ලිමේන්තුවට අද (පෙබ. 18) නිවේදනය කළේ ය.

ඊට අදාළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සාමාජිකත්වයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කරුණාතිලක ඉල්ලා අස්වීම හේතුවෙන් පැවති පුරප්පාඩුව සඳහා ඒ අනුව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය උපාලි පන්නිලගේ මෙලෙස පත් කළ බව කතානායකවරයා කීය.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x