තියෙන දේවලුත් විනාශ කරන් මාලිමාව හොරා කන හැටි!
1 min read
මාලිමා ආණ්ඩුව යටතේ, ආණ්ඩුව විසින් ඉතාම තක්කඩි ලෙස තෝරා ගනිමින් ටෙන්ඩරය ලබා දුන් සැපයුම්කරු යටතේ දැනට ගෙන්වූ ගල් අඟුරු නැව් පහම ප්‍රමිතියෙන් තොරයි.
මේ බව හෙළිවෙන්නේ ලංකා විදුලි බල මණ්ඩලය විසින් සිදු කරපු අභ්‍යන්තර වාර්තාවකින්.
ඒ අනුව
● පළමු ගල් අඟුරු නැවෙන් රටට සිදු වූ පාඩුව රුපියල් මිලියන 595 යි.
● දෙවන ගල් අඟුරු නැවෙන් රටට සිදු වූ පාඩුව රුපියල් මිලියන 288 යි.
● තුන්වෙනි ගල් අඟුරු නැවෙන් රටට වෙච්ච පාඩුව රුපියල් මිලියන 1047 යි. (කෝටි 104 යි)
● හතරවෙනි ගල් අඟුරු නැවෙන් රටට සිදු වූ පාඩුව රුපියල් මිලියන 865 යි. (කෝටි 86.5 යි)
● පස්වෙනි ගල් අගුරු නැවෙන් සිදු වූ පාඩුව තවමත් ගණනය කර නැහැ.
නැව් හතරෙන් පමණක් සිදු වූ සමස්ථ පාඩුව රුපියල් කෝටි 284 යි.
කොහොමද මෙහෙම පාඩු වුණාම සැපයුම්කරුට ලාභ වෙන්නේ ?
දකුණු අප්‍රිකාවේ විවිධ ප්‍රමිති වලට ගල් අඟුරු තිබෙනවා.
ගල් අඟුරු මිල නියම වෙන්නේ කිලො කැලරි ප්‍රමාණය අනුව.
උදාහරණයක් විදියට හොඳ ප්‍රමිතියේ, කිලෝ කැලරි 6100 – 6300 අතර ගල් අඟුරු ටොන් එකක මිල ඩොලර් 110 ක් විතර වෙනවා.
ඒ වගේම ඩොලර් 50 ටත් දකුණු අප්‍රිකාවේ ගල් අඟුරු තියෙනවා.
ඒ අඩු ප්‍රමිතියේ එනම් කිලෝ එකක් දහනය කළාම, කිලෝ කැලරි 5500 ක විතර අඩු ශක්තියක් නිපදවන බාල ගල් අඟුරු. ඒවා මිලෙන් අඩුයි.
මාලිමා සැපයුම්කරුවා ලංකාවට ගෙනාපු නැව් පහම මේ අඩු මිල, බාල ගල් අඟුරු.
හැබැයි ඔහු ඒවා අපිට (රටට) විකිණුවේ බොරු විද්‍යාගාර වාර්තා එක්ක, මිල වැඩි, උසස් ගල් අඟුරු මිලට.
වංචාව හෙළි වී ඩොලර් මිලියන දෙක තුනක වන්දි ගෙව්වත්, සමස්ථ ගණුදෙනුව ඩොලර් මිලියන 400 ක් විතර ලාභයි.
විශාල අයථා ලාභයක්.
එම නිසා තමයි පිට පිට ගල් අඟුරු නැව් දෙකක් ප්‍රමිතියෙන් තොර වූ වහාම ටෙන්ඩරය අහෝසි වීමට, අතීත පාලකයන් විසින් ටෙන්ඩර් කොන්දේසියක් දාලා තිබුණේ.
නමුත් මාලිමාව දෙවන ගල් අඟුරු නැවේ සිට බලාගාරයට තත්ත්වය පරීක්ෂා කිරීමට ඉඩ දුන්නේ නැහැ.
පළමු ගල් අඟුරු නැව ප්‍රමිතියෙන් අසමත් වූ සැණින් සැපයුම්කරු ආරක්ෂා කිරීමට ඉදිරියට ආවේ ආණ්ඩුව.
සාමාන්‍ය ක්‍රමවේදය නම් රජය විසින් සැපයුම්කරුවාට එරෙහිව සටන් කිරීම. නමුත් මෙතැන දී රජය / ආණ්ඩුව ගත්තේ සැපයුම්කරුවාගේ පැත්ත.
මන්ද මේ සැපයුම්කරුවා යනු ආණ්ඩුව විසින් ටෙන්ඩරය ලබා දුන්, ආණ්ඩුව සමග ඩීල් එකක ඉන්න මිනිහෙක්.
ටෙන්ඩරය දීපු කට්ටියටයි, ගත්තු කට්ටියටයි විශාල අයථා ලාභය බෙදාගත් විට ආත්ම හතකට පමණ ඔවුන් ගොඩ.
මේ ගණුදෙනුවෙන් කුමාර ජයකොඩිගේ සහ පැලවත්තේ වත්කම් තවත් ඩොලර් මිලියන ගණනකින් වැඩි වන්නට ඇති.
මේ තමයි ඉතිහාසයේ නිර්ලජ්ජිතම වංචාව. මේ වංචාව කළේ සැපයුම්කරුවෙකු ලෙස ලියාපදිංචි වීමට ඇති කොන්දේසි පවා වෙනස් කරලා.
මේ සැපයුම්කරුවාටම ටෙන්ඩරය ලබා දීමට ආණ්ඩුවට උවමනා වුණා.
මේ දූෂිත මුදල්, අවසාන්‍යේ තට්ටු වෙන්නේ රටේ සාමාන්‍ය මිනිස්සුන්ගේ පොකට්ටුවෙන්.
ඊයේ ආණ්ඩුව යළිත් විදුලි බිල වැඩි කළා.
මේ අකාරය නැවතත් පැහැදිලිවම විදුලි බිල වැඩි කරන්න වුණේ ගල් අඟුරු වංචාවෙන් පාඩු වෙච්ච මුදල් නිසා.
වෙනදා ගල් අඟුරු කිලෝ 12 ක් පුච්චලා නොරොච්චෝලේ ලබා ගන්න ශක්තිය ලබා ගන්න දැන් කිලෝ 13 ක් පුච්චන්න වෙනවා.
නොරොච්චෝලේ බලාගාරය දවසට ගල් අඟුරු කිලෝ 7,500,000 ක් දහනය කරනවා.
දැන් ඒ ශක්තිය නිපදවීමට ගල් අඟුරු කිලෝ 8,125,000 ක් දහනය කිරීමට් අවශ්‍යයි.
අතිරික්ත ගල් අඟුරු ප්‍රමාණය 625,000 යි. ඒ 625,000 ට ගෙවන්නේ රටේ විදුලි පාරිභෝගිකයො.
හිතාගන්න පාඩුව.
ඒ විතරක් නෙවෙයි.
ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලයේ අභ්‍යන්තර වාර්තාවට අනුව මේ බාල ගල් අඟුරු නිසා දැන් නොරොච්චෝලේ බලාගාරයට හානි වෙලා.
එහි බොයිලේරු පවා හානි වෙලා.
තවත් මේ නැව් කිහිපයක, බාල ගල් අඟුරු දහනය කිරීමට සිදුවුවහොත් නොරොච්චෝලේ සම්පූර්ණයෙන්ම රටට අහිමි වීම පවා සිදුවිය හැකියි.
මන්ද මේ බලාගාර වලට ගැලපෙන ගල් අඟුරු තිබෙනවා. මේවා සාදා තිබෙන්නේ ඒ ප්‍රමිතියේ ගල් අඟුරු වලට පමණයි.
එයට වඩා ප්‍රමිතියෙන් අඩු ගල් අඟුරු භාවිතා කරද්දී මේ බලාගාර කැඩෙනවා, විනාශ වෙනවා.
දූෂණ විරෝධ්, හොරකම් නොකිරීමට පැමිණි ආණ්ඩුවේ හොරකමක් නිසා, රටේ බලශක්තියේ කොඳුනාරටිය වන නොරොච්චෝලේ බලාගාරයට පවා හානි වෙලා.
ඒ තමයි මාලිමාවේ දූෂණ විරෝධය.
පසුගිය රජයන් නොරොච්චෝලේ සහ සෙසු බලාගාර ආදිය ඉදි කරද්දී, මුදල් ගසා කන බවට ජවිපය චෝදනා කළා.
හරි!
කළින් ආණ්ඩු හොරාකෑවේ මොනවාහරි හදලා.
යකො!
මාලිමාව හොරාකන්නේ, රටේ තියෙන දේවලුත් කඩලා, විනාශ කරලා
පුවත් එසැනින් බලන්න WhatsApp Group එක දැන්ම Follow කරන්න !
