March 3, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

කොළඹ සහ කළුතර වෙඩි තැබීම්! දෙදෙනෙක් මරුට!

1 min read

කළුතර උතුරු පොලිස් වසමේ වාඩිය මංකඩ ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව ඇතැයි වාර්තා වේ. වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයා මිය ගොස් තිබේ.

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවට තොරතුරු වාර්තා වෙයි.

ඉන් බරපතළ තුවාල ලැබූ 32 හැවිරිදි මෙම පුද්ගලයා කළුතර ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇති බව සඳහන් වේ.

මේ අතර කොළඹ ජින්තුපිටිය ප්‍රදේශයේත් මීට සුළු මොහොතකට පෙර වෙඩි තැබීමක් සිදුව තිබේ.

එම ප්‍රදේශයේ රූපලාවන්‍යාගාරයක් තුළදී මෙම වෙඩි තැබීම සිදුව ඇති බව පොලීසිය පැවසීය.

වෙඩි වැදීමෙන් අයෙකු මියගොස් තවත් තවත් පුද්ගලයින් කිහිප දෙනෙකු තුවාල ලබා ඇතැයිද තුවාල ලැබූවන් මේ වන විට කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇතැයිද වාර්තා වේ.

පුවත් එසැනින් බලන්න WhatsApp Group එක දැන්ම Follow කරන්න !

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
solaireonline
solaireonline
5 days ago

Okay, Solaireonline is a bit of a vibe! Feels kinda fancy. Digging the selection of games. You might get hooked. Def checking this out solaireonline.

1
0
Would love your thoughts, please comment.x
()
x