මහව සමූපකාර නිලවරණයේ පොදු අපේක්ෂකයාට ප්‍රහාරයක්!
1 min read
මහව විවිධ සේවා සමූපකාර සමිතියේ සමූපකාර නිලවරණයට පොදු විපක්ෂය නියෝජනය කරමින් ඉදිරිපත් වූ අපේක්ෂකයාට යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් තියුණු ආයුධයකින් පහරදී තුවාල සිදුකර තිබෙනවා.
තුවාල ලැබූ ඔහු මේ වනවිට මහව ප්‍රදේශිය රෝහලේ ප්‍රතිකාර ලබන අතර, ඔහුගේ ඥාතීන් පවසන්නේ පහරදීම පිටුපස දේශපාලන හස්තයක් ඇති බවට සැකයක් පවතින බවයි.
යතුරු පැදියකින් ගමන් කරමින් සිටි මහව විවිධ සේවා සමූපකාර සමිතියේ පොදු විපක්ෂයේ පොදු අපේක්ෂකයා වූ චානක උදයකුමාර නමැත්තාට මහව තිස්නම්පළගම ප්‍රදේශයේදී තවත් යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් තියුණු ආයුධයකින් පහරදී තුවාල සිදුකර තිබුණේ අද උදෑසන 8.30ට පමණ.
චානක උදය කුමාර නමැත්තා මෙලෙස පහර කෑමට ලක්ව ඇත්තේ සිය දරුවන් දෙදෙනා පාසැලට ඇරලවා ආපසු නිවස බලා එමින් සිටියදීයි.
පුවත් එසැනින් බලන්න WhatsApp Group එක දැන්ම Follow කරන්න !
