March 2, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

රැල්ලට AIවලින් පින්තුර හදලා ෆේස්බුක් එකේ දැම්මාද? එහෙනම් ඔබත් අනතුරේ!

1 min read

මේ දිනවල විශේෂයෙන් ෆේස්බුක් වේදිකාවේ ජනප්‍රියව ඇති ක්‍රියාකාරකමක් වන්නේ, බොහෝ පරිශීලකයන් සිය ඡායාරුප කෘත්‍රිම බුද්ධිය(AI) මගින් බලගැන්වෙන යෙදුම් උපයෝගී කරගනිමින් නිර්මානාත්මක ලෙස සකස්කර ගිණුම්වල පළකිරීමයි.

කෙසේවෙතත් මෙම නිර්මාණකරණය හේතුවෙන් සිය පෞද්ගලික දත්ත පිටස්තර පාර්ශ්වයන් අතට පත්වීමේ විශාල අවදානමක් පවතින බව විෂය ප්‍රාමාණිකයකු වන හරිත දහනායක(Haritha Dahanayaka) සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත.

පහතින් දැක්වෙන්නේ ඔහු දක්වා තබා ඇති එම සටහනයි.

‘මෙම රූප රටාව පුද්ගලීකරණය කරන ලද ඩිජිටල් කැරිකේචර් කොලාජ් (Personalized digital caricature collage) වර්ගයට අයත් වේ. පුද්ගලයෙකුගේ මුළු “ජීවිත කතාව” හෝ විනෝදාංශ ලැයිස්තුව එක් වර්ණවත් රූප රාමුවකට ගොනු කරමින්, ඔවුන්ගේ පෞරුෂය සැමරීම සඳහා භාවිතා කරන ඉතා ජනප්‍රිය ප්‍රවණතාවක් (Trend) ලෙස මෙය හැඳින්විය හැකිය.


මෙම රූප මගින් අනන්‍යතාවය හෙළිවීමේ ප්‍රධාන අවදානම්:
​1. දත්ත පුහුණු කිරීම සහ රඳවා තබා ගැනීම (Data Training & Retention)
​ඔබ ඔබේ ඡායාරූපයක් AI වේදිකාවකට (Platform) ලබා දුන් විට, බොහෝ විට ඔබ එම ආයතනයට එම ඡායාරූප ගබඩා කර තබා ගැනීමට අවසර ලබා දෙයි.
​AI පුහුණු කිරීම: ඔබේ මුහුණේ ලක්ෂණ AI පද්ධතියේ ඉගෙනුම් ක්‍රියාවලියට (Learning set) ස්ථිරවම ඇතුළත් විය හැක.
​දත්ත ගබඩා කිරීම: ඔබ විශේෂයෙන් ඉල්ලා අස් නොකළහොත්, ඔබේ ඡායාරූප සහ ඒවායේ අඩංගු දත්ත (ස්ථානය, වේලාව ආදිය) එම සර්වර් වල සදහටම පැවතිය හැක.

ජනප්‍රිය පුවත්  පොඩි අරක්කු සමාගම් හාන්සියි ; මාලිමා ආණ්ඩුව ගජ මිතුරන්ට වෙළඳපොළ අත්පත් කර දෙන්නේ මෙහෙමයි!


​2. ජෛවමිතික දත්ත අවදානම (Biometric & Facial Mapping)
​ඔබේ මුහුණට සමාන රූපයක් සෑදීමට නම්, AI පද්ධතිය ඔබේ මුහුණේ ඇති සුවිශේෂී මිනුම් (ඇස් දෙක අතර පරතරය, හනුවේ හැඩය) විශ්ලේෂණය කරයි.
​මුරපදයක් (Password) මෙන් නොව, ඔබේ මුහුණේ ජෛවමිතික දත්ත වෙනස් කළ නොහැකි නිසා, එවැනි දත්ත සොරාගැනීමකට ලක් වුවහොත් එය විශාල තර්ජනයකි.


​3. පුද්ගලික තොරතුරු එක්රැස් වීම (Social Engineering Risk)
​මෙම පින්තූරවල ඔබේ මුහුණ පමණක් නොව, ඔබේ වෘත්තිය, විනෝදාංශ සහ ජීවන රටාවද අඩංගු වේ.
​තොරතුරු එක් කිරීම: “මම ක්‍රිකට් වලට කැමති නීතිඥයෙක්” වැනි විස්තර ලබා දීමෙන්, වංචාකරුවන්ට ඔබව රැවටීමට අවශ්‍ය “පුද්ගලික පැතිකඩක්” (Profile) ඔබ විසින්ම නිර්මාණය කර දෙනු ලබයි. මෙය ඔබව ඉලක්ක කරගත් සයිබර් ප්‍රහාර (Phishing) සඳහා යොදාගත හැක.


​4. තෙවන පාර්ශවීය ඇප් වල අනාරක්ෂිත බව (Third-Party App Risks)
​විශාල සමාගම්වලට වඩා, මෙවැනි රූප සාදා දෙන කුඩා ජංගම දුරකථන ඇප් (Apps) ඔබේ දත්ත ප්‍රචාරණ ආයතන වෙත විකිණීමට ඉඩ ඇත.
එතකොට මේ වන විටත් අපේ පුද්ගලික තොරතුරු අන් සතුවී නොමැතිද?
උත්තරය බොහෝවිට ‘ඔව්’
නමුත් කෙනෙකුට ඔබව ඉලක්කකොට යමක් සිදුකිරීමට අවශ්‍යනම් ඔබේ තොරතුරු ආයාසයකින් සොයාගැනිමට සිදු වීමට පුලුවන්.

ජනප්‍රිය පුවත්  අල්ලස් චෝදනා විමර්ශනය නිසා කථානායක ඉල්ලා අස්වීම අවශ්‍ය නැහැ – මාලිමාවේ ලේකම් තීන්දු කරයි !


මේ වගේ තොග පිටින් සර්වර් වලට පුද්ගලික තොරතුරු අප්ලෝඩ් කරනවා කියන්නෙ, අපි ස්ව කැමැත්තෙන්ම අපේ තොරතුරු එක තැනකට ලබාදීමක්. එහෙම නැත්නම් ඩේට බේස් එකකට රැස් කර දීමක්.


ඒ නිසා chatgpt වගේ ප්ලැට්ෆෝම් එකකට හෙටින් පස්සෙ ආයාසයෙන් ඔබේ තොරතුරු හොය හොයා ඉන්න ඕනෙ නෑ. ඔබේ රූපයක් දුටු පමනින් එම ප්ලැට්ෆෝම් එක ඔබේ ඉතිහාසයම දැනගන්නවා.’

පුවත් එසැනින් බලන්න WhatsApp Group එක දැන්ම Follow කරන්න !

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x