සංචාරක පැමිණීම ඉහළට! අදායම පහළට!
1 min read
ශ්‍රී ලංකාවේ සංචාරක පැමිණීම 2026 ජනවාරි මාසයේදී ඉතිහාසයේ ඉහළම අගය වාර්තා කළද, සංචාරක ආදායම සියයට 5.6 කින් පහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකු දත්ත සහ සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.
ජනවාරි මාසය තුළ සංචාරකයින් 277,327 දෙනෙකු දිවයිනට පැමිණ ඇති අතර එය පසුගිය වසරේ ජනවාරි මාසයට වඩා සියයට 9ක වර්ධනයක්.
එහෙත් එම කාලය තුළ සංචාරක ආදායම ඩොලර් මිලියන 378.3 දක්වා පහත වැටී තිබෙනවා.
මෙම තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා පවසා සිටියේ, සංචාරකයෙකුගේ දෛනික සාමාන්‍ය වියදම මීට පෙර පැවති ඩොලර් 177 සිට ඩොලර් 148 දක්වා සංශෝධනය කර ඇති බවයි.
කොවිඩ් වසංගතයෙන් පසු ලොව පුරා සංචාරකයින් වියදම් කිරීම අඩු කිරීමේ ප්‍රවණතාවයක් පැවතීම සහ ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වීම මීට ප්‍රධාන හේතු වී තිබෙනවා.
පුවත් එසැනින් බලන්න WhatsApp Group එක දැන්ම Follow කරන්න !
