March 2, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

දඩයමට සූදානම්! සියළු තොරතුරු එක්රැස් කෙරේ!

1 min read

තමන් පත්ව ඇති දේශපාලන බිඳවැටීම විසින් පාලන බලය කවර අයුරින් හෝ පවත්වාගෙන යාම වෙනුවෙන් රාජ්‍ය බුද්ධි අංශ හා ජ.වි.පෙ. ප්‍රධාන ලේකම් ඇතුළු කණ්ඩායමක් විසින් මෙහෙයවන ජ.වි.පෙ. බුද්ධි අංශ එක්ව රට පුරා සියලු විපක්ෂ දේශපාලඥයින්ගේ, ඔවුන්ගේ ආධාරකරුවන්ගේ, ඔවුන් සමග සබඳතා පවත්වන විවිධ ක්ෂේත්‍රවල පුද්ගලයන්ගේ හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ සියලු තොරතුරු මේ වන විට එක්රැස් කරමින් ඇතැයි වාර්තාවේ.

එම කටයුත්ත මූලිකව මෙහෙයවනු ලබන්නේ යුද හමුදා බුද්ධි අංශය මගිනි. අනුර කුමාර ජනාධිපතිවරයා බලය හිමිකර ගැනීමෙන් පසු එයට පත්කර ගන්නා ලද්දේ ජ.වි.පෙ.ට සමීප සබඳතා ඇති පවුලක සාමාජිකයෙකි. (මේ පිළිබඳ තොරතුරු අප මීට පෙර අනාවරණය කර තිබේ.)

යුද හමුදා බුද්ධි අංශය සතු රහස්‍ය අරමුදල් මඟින් මීට අදාළ ජ.වි.පෙ. බුද්ධි අංශ සාමාජිකයන්ට මාසිකව මුදල් ගෙවීම සිදුකරමින් තිබේ. ඕනෑම අවස්ථාවක දී සමස්ත විපක්ෂයේම සබඳතා ඇති පුද්ගලයන් ඉලක්ක කොටගෙන තමන් මත වරද නොවැටෙන ආකාරයෙන් ක්‍රියාමාර්ග තේරීම මෙම දෙඅංශයේම අරමුණ වී තිබේ. මෙම මෙහෙයුමට ‘‘මොසාඩ්“ ඔත්තු සේවය ද ක්‍රියාකාරීව සම්බන්ධ වී ඇතැයි අපගේ විශේෂ විමර්ශන අංශය අවධාරණය කරනු ලබයි.

ජනප්‍රිය පුවත්  කිලිනොච්චි, මුලතිව් හමුදාව නෑ! උතුරෙන් හමුදාව ඉවතට!

පසුගිය දා ඊශ්‍රායල් – ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය ආරම්භ කිරීමටත්, ඊශ්‍රායල් තානාපති කාර්යාලක් ශ්‍රී ලංකාව තුළ නැවත විවෘත කිරීමටත් වත්මන් ආණ්ඩුව තීරණය කළේ ඊශ්‍රායලයා සහ මොසාඩ් ඔත්තු සේවය සමග ඇති වී ඇති මෙම නව රහස්‍ය සබඳතාව මතය. මේ පිළිබඳ තවත් තොරතුරු ඉදිරියේදී හෙළි කිරීමට අපි සූදානමින් සිටිමු.

ජීවක කුරුකුලසූරිය

පුවත් එසැනින් බලන්න WhatsApp Group එක දැන්ම Follow කරන්න !

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x