අපේ ජනාධිපතිතුමාගේ පෞරුෂය මදිලු! මොන මිනිස්සුද මේ!
1 min read
නිදහස් උලෙළේ පින්තූර පළකරමින් ජනාධිපතිතුමාගේ පෞරුෂය මදි යැයි මඩ අවලාද නගමින් ඇතැයි අමාත්‍ය බිමල් රත්නාක පවසයි.
“නිදහස් උලෙළ ඇතුළේ අපේ ජනාධිපතිතුමාගේ ෆොටෝ එකයි, සජිත් ප්‍රේමදාස මහත්තයාගේ ෆොටෝ එකයි, තව තව අයගේ ෆොටෝ දාලා අපේ ජනාධිපතිතුමාගේ ෆොටෝ එකේ පෞරුෂය මදිලු. අරකද මේකද.
මොන මිනිස්සුද ගරු කතානායකතුමනි, මේ. අපි අවංකවම ගත්තත් මේ රටේ ජන ඡන්දයෙන් නායකයෙක් පත්වුණාට පස්සේ අපි ගරු කරනවා. අපි විපක්ෂ නායකතුමාගේ ඇඟේ හැඩ ගැන කතා කරන්නේ නෑනේ. ඒ විපක්ෂ නායකයා. ජනතා ඡන්දේ නිසා.”
පසුගියදා (06) පාර්ලිමේන්තුව අමතමින් බිමල් රත්නායක මේ බව කීය.
පුවත් එසැනින් බලන්න WhatsApp Group එක දැන්ම Follow කරන්න !
