ආණ්ඩුවට එරෙහිව හාමුදුරුවෝ 8000ක් කොළඹට!
1 min read
වත්මන් ආණ්ඩුවේ ඇතැම් ප්‍රධානීන් විසින් මහා සංඝරත්නය ඉලක්ක කොටගෙන සිදුකරන වෛරීසහගත ප්‍රකාශයන් සහ අපහාසයන්ට විරෝධය පළකරමින් ඉදිරියේදී ස්වාමින්වහන්සේ 8000ක් කොළඹට වැඩම කරවා දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් දියත් කිරීමට සැලසුම් කර ඇති බව පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පැවැසූහ.
පසුගියදා කොළඹ අභයාරාමයේ මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ සඳහන් කළේ වත්මන් ආණ්ඩුව යටතේ බෞද්ධාගමට සහ භික්ෂුන් වහන්සේලාට විවිධ අකරතැබ්බයන්ට මුහුණ දීමට සිදුව ඇති බවකි.
බෞද්ධයන් 74%ක් සිටින රටේ බෞද්ධයන් කුණු කූඩයට දමා ඇති බවත්, ස්වාමින්වහන්සේලා ලබාදෙන උපදෙස් ගණන් නොගන්නා තත්ත්වයට පත්ව ඇති බවත්, අවම වශයෙන් මහානායක ස්වාමින්වහන්සේලා ලබාදෙන උපදෙස් පවා ගණන් නොගන්නා තත්ත්වයට පාලකයන් පත්ව ඇති බවත් පෙන්වා දුන් උන්වහන්සේ ඊට එරෙහිව දැවැන්ත විරෝධතාවක් ප්‍රකාශ කිරීමට මහා සංඝරත්නය සූදානමින් සිටින බවද සඳහන් කළේය.
පුවත් එසැනින් බලන්න WhatsApp Group එක දැන්ම Follow කරන්න !
