‘ශ්‍රී ලංකාවේ නිදහස් දිනය දෙමළ නිජබිමට කළු දිනයක්’ කිලිනොච්චියේ විරෝධතා..
1 min read
ශ්‍රී ලංකාවේ 78 වන නිදහස් දිනයට සමගාමීව, එය තමන්ට ‘කළු දිනයක්’ බව පවසමින් දෙමළ ජනතාවගේ ස්වයං නිර්ණ අයිතිය සහ අතුරුදහන් වූවන්ට යුක්තිය ඉල්ලා කිලිනොච්චිය නගරයේදී අද (04) විරෝධතා පාගමනක් සහ උද්ඝෝෂණයක් පැවැත්විණි.
උතුරු සහ නැගෙනහිර පළාත් නියෝජනය කරමින් සිවිල් සංවිධාන සහ විශ්වවිද්‍යාල සිසුන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් මෙම විරෝධතාව සංවිධානය කර තිබුණි.
දෙමළ ජනතාවගේ දේශපාලන ස්වයං නිර්ණ අයිතිය පිළිගන්නා ලෙස බලකර සිටීම, උතුරු නැගෙනහිර රජය සතු ඉඩම් දෙමළ ජනතාව වෙත ලබාදීම ඇතුළු ඉල්ලීම් විරෝධතාකරුන්ගේ ඉල්ලීම් විය.
විරෝධතාකරුවන් කළු පැහැති ඇඳුමින් සැරසී සිටි අතර, “ශ්‍රී ලංකාවේ නිදහස් දිනය – දෙමළ නිජබිමට කළු දිනයකි (Sri Lanka’s Independence Day – Black Day for the Tamil Homeland) යනුවෙන් සඳහන් කළ විශාල බැනර් සහ පුවරු ප්‍රදර්ශනය කරමින් විරෝධතාවයේ නිරත වූ උද්ඝෝෂකයන් අත බෞද්ධ විරෝධී සටන් පාඨ සහිත පුවරුද දක්නට ලැබිණි.
කිලිනොච්චිය කෝවිල අසලින් ආරම්භ වූ මෙම පාගමන නගරයේ ප්‍රධාන වීදිය ඔස්සේ ගමන් කළ අතර, විරෝධතාවය හේතුවෙන් ඒ අවට ප්‍රදේශයේ දැඩි ආරක්ෂාවක්ද යොදවා තිබෙනු දක්නට ලැබුණි.
මේ අතර අද පැවති නිදහස් දින උත්සවයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක පැවසුවේ කිසිදු ජාතිවාදයකට නැවත මේ රට තුළ හිස එසවීමට ඉඩ නොදෙන බවය.





පහතින් දැක්වෙන්නේ මෙම උද්ඝෝෂණයට අදාලව ප්‍රචාරක ව්‍යාපාරය දියත්ව තිබූ ආකාරයයි




