කථානායකව ඉවත් කරන්න! ජ.වි.පෙ. ඇතුළෙන් ඉල්ලීමක්!
1 min read
පාර්ලිමේන්තුවේ හිටපු නියෝජ්‍ය ලේකම් චමින්ද කුලරත්න මහතා පසුගිය දා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම හමුවේ ඉදිරිපත් කරන ලද පැමිණිල්ලෙන් අනතුරුව එවැනි පුද්ගලයකු තවදුරටත් කථානායක ධුරයේ තබාගැනීම තම ප්‍රතිරූපයට හානිකර යැයි ජ.වි.පෙ. මධ්‍යම කාරක සභිකයෝ බහුතරයක් පවසති. එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග අනුව වාර්තා වන්නේ ඉදිරි මධ්‍යම කාරක සභා සැසිවාරයේදී මේ පිළිබඳව සාකච්ඡා කිරීමට බොහෝ මධ්‍යම කාරක සභිකයන් සූදානමින් සිටින බවයි.
කථානායකවරයා තම තනතුර යොදා ගනිමින් නිල නිවාස දෙකක් නීති විරෝධීව පාවිච්චි කිරීම, තම සමලිංගික ප්‍රේමවන්තයා සමඟ පාර්ලිමේන්තුව තුළ දී අශ්ලීල ලෙස සබඳතා පැවැත්වීම සහ තවත් බලය අවභාවිතා කිරීමට අදාළ කරුණු සහිතව මේ වන විට අනාවරණය වී තිබේ.
තමන් දිගු කලකට පසුව ලබාගත් ආණ්ඩු බලය මෙබඳු පුද්ගලයන්ගේ විෂමාචාර නිසා බිඳවැටිය හැකි බවත්, පෙර පැවති ආණ්ඩුවලට ද සිදු වූයේ එබඳු පුද්ගලයන් පිළිබඳව කඩිනමින් පියවර නොගැනීම විසින් පරාජය වීම බවත් ජ.වි.පෙ. මධ්‍යම කාරක සභිකයන් පිරිසකගේ අදහස වී ඇත. අප සමඟ අදහස් දැක් වූ නම හෙළි කිරීමට අකමැති එක් මධ්‍යම කාරක සභිකයකු ප්‍රකාශ කළේ තමන් දරන එම මතයේ පක්ෂයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා හා බිමල් රත්නායක යන සහෝදරවරුන් ද සිටින බවයි.
මේ අතර ‘මාලිමා“ පාලනය පිහිටුවන ලද අවස්ථාවේ කතානායක ධුරයට පත් කෙරුණ අශෝක රංවල මහතාට පක්ෂපාතී ජ.වි.පෙ. සාමාජිකයන්, වත්මන් කථානායකවරයා කර ඇත්තේ බොහෝ බරපතළ විෂමාචාරයක් බවත්, රංවල ට ඉල්ලා අස්වීමට බල කළේනම්, මොහුව තබා ගන්නේ කුමන හේතුවක් මත ද යන පැනය මතුකර තිබේ. වාර්තා වන පරිදි, ඉදිරි මධ්‍යම කාරක සභා සැසිවාරයේ දී මේ පිළිබඳව බරපතළ සංවාදයක් සිදු වීමට නියමිතව තිබේ. ජනාධිපතිවරයා මෙම මධ්‍යම කාරක සභාවට සහභාගී නොවනු ඇති බව ද ඇතැම් මධ්‍යම කාරක සභිකයෝ විශ්වාසය ඵලකරති.
රජිව් සෙල්ලප්පෙරුම
පුවත් එසැනින් බලන්න WhatsApp Group එක දැන්ම Follow කරන්න !
