March 2, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

හඳුන්‍ගේ දුඹුරු සීනි කඩේ තුන් මාසෙන් වැසේ!

1 min read

කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති විසින් ආරම්භ කළ නුගේගොඩ දුඹුරු සීනි අලෙවිසැල වසා දමා ඇතැයි සමාජ මාධ්‍ය වාර්තා කරයි.

පසුගිය වසරේ නොවැම්බර් 11 වෙනි දින මෙම අලෙවිසැල උත්සවශ්‍රීයෙන් ආරම්භ කළේ දේශීය සීනි කර්මාන්තය නගා සිටුවීමේ පියවරක් වශයෙනි.

පැල්වත්ත සහ සෙවනගල කර්මාන්තශාලාවල නිෂ්පාදනය කරන ලද දුඹුරු සීනි ඇතුළු නිෂ්පාදන ශ්‍රී ලාංකික පාරිභෝගිකයින්ට දැරිය හැකි මිලකට ලබා දීම මෙම අරමුණ විය. එවැනි අලෙවිසැල් රට පුරා නගරාශ්‍රිතව ආරම්භ කිරීමටද සැලසුම් කෙරිණි.

කෙසේ වුවද මෙම වෙළඳසැලෙහි සීනි සුපිරි වෙළඳසැල්වලට වඩා මිල බව එකල වාර්තා වූ අතර පාරිභෝගික ජනතාව සීනි මිලට ගැනීමට එහි පැමිණියේ නැත.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x